🔰- ළමා රෝහලේ CT ස්කෑන් යන්ත්‍රයක් අරන් දෙනවා කියලා කියමින් සිදුකළා යැයි කියන රුපියල් කෝටියක දැවැන්ත මූල්‍ය වංචාවක් පිළිබඳව මේ වන විට රටම කතා වන ආන්දෝලනාත්මක තොරතුරු කිහිපයක් එළියටවිත් තිබේ.
🔰- කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අත්‍යවශ්‍යව තිබූ සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් ලබා දීමේ මුවාවෙන්, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ ‘සිරිලිය පදනම’ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මේ වන විට පුළුල් හා දැඩි විමර්ශනයක් ආරම්භ කර ඇත.
🔰- මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති සමයේදී, රිජ්වේ ආර්යා ළමා රෝහලට ඉතාමත් අවශ්‍යව තිබූ සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමට මුවාවී, සිරිලිය පදනමේ සභාපතිනිය ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවට (NSB) විශේෂ ලිපියක් යවා තිබේ.
🔰- ඒ හරහා එම බැංකුවෙන් රුපියල් කෝටියක අරමුදලක් අනුමත කරවාගෙන ඇත.
🔰- එවක ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයා වූ ප්‍රදීප් කාරියවසම් මහතාගේ වාචික නියෝග මත මෙම දැවැන්ත මුදල කිසිදු විනිවිදභාවයකින් තොරව සිරිලිය පදනම වෙත මුදාහැර ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
🔰- නමුත් මෙහි ඇති වඩාත්ම සැකසහිත සහ ආන්දෝලනාත්මක කාරණය වන්නේ, බැංකුවෙන් ලබාගත් කෝටියක මුදලින් රෝහලට අලුත් ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගත්තා යැයි පෙන්වූවත්, ඇත්ත වශයෙන්ම රෝහලට ලබා දී ඇත්තේ චීන රජයෙන් ණය පදනම යටතේ ශ්‍රී ලංකාවට ලබා දී තිබූ නොමිලේ හෝ සහනදායී ක්‍රමයකට ලැබුණු යන්ත්‍රයක් වීමය!
🔰- එසේ නම්, බැංකුවෙන් ඇදගත් රුපියල් කෝටියට අත්වූ ඉරණම කුමක්ද?
🔰- මහජන මුදල් සහ බැංකු අරමුදල් මෙලෙස පුද්ගලික පදනම් හරහා අවභාවිත කර ඇත්තේ කෙසේද? යන්න දැන් මතුවී ඇති ප්‍රධානම ප්රශ්නයයි.
🔰- මෙම සිද්ධිය සාමාන්‍ය මට්ටමින් යටපත් කිරීමට ඉඩ නොදී, නීතිපතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ දැඩි පියවර ගැනීමට කටයුතු යොදා ඇත.
🔰- නීතිපතිවරයා වෙනුවෙන් මෙම නඩුව අධීක්ෂණය කරන අතිරේක සොලිසිටර් ජෙනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතාගේ දැඩි උපදෙස් මත, CID එකේ මූල්‍ය විමර්ශන ඒකකය මේ වන විට පරීක්ෂණ වේගවත් කර තිබේ.
🔰- මේ වන විටත් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා ඇතුළු කිහිප දෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ සටහන් කරගෙන අවසන්ය.
🔰- ඉදිරි දිනවලදී සිරිලිය පදනමේ සභාපතිනිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය, එම පදනමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ මේ සඳහා සම්බන්ධ වූ වගකිවයුතු සියලුම නිලධාරීන් මූල්‍ය විමර්ශන ඒකකය හමුවට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.
🔰- මහජන මුදල් යොදාගෙන කළ මෙම ‘සෙල්ලම’ නිසා ඉදිරියේදී තවත් ප්‍රබල නම් කිහිපයක්ම නීතියේ රැහැනට හසුවනු ඇතැයි දේශපාලන හා මූල්‍ය කවයන් තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.