🔰 – අපේ රටේ මිනිස්සු කඩෙන් අඹ ගෙඩියක්, කෙසෙල් ඇවරියක් ගන්නේ තමන්ගේ දරුවට, පවුලේ අයට ආදරයෙන් කන්න දෙන්න.
🔰 – හැබැයි අද ඒ පලතුරු ඉදවලා තියෙන්නේ සෞඛ්‍යයට අහිතකර විෂ රසායනික ද්‍රව්‍යවලින් නම්… ඒක පලතුරු වෙළෙඳාමක් නෙවෙයි, ඒක ජනතාවගේ ජීවිත එක්ක කරන සෙල්ලමක්!”
🔰 – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාරිභෝගික කටයුතු අධිකාරියට පැහැදිලිවම බලකර සිටියේ මේ සූරාකෑම තවත් ඉදිරියට යන්න දෙන්න බැහැ කියලයි.
🔰 – අද වෙනකොට කෙසෙල්, අඹ, ගස්ලබු විතරක් නෙවෙයි, වෙළෙඳපොළට එන පලතුරු බොහොමයකට විෂ රසායනික යොදලා කෘත්‍රිමව ඉදවන බවට පාරිභෝගික අධිකාරියට පැමිණිලි වැලක් ලැබිලා තියෙනවා.
🔰 – මේ විෂ සහිත පලතුරු නිසා අපේ රටේ අනාගත පරම්පරාව සුව කළ නොහැකි රෝගවලට ගොදුරු වෙනවා.
🔴- රජයේ දැඩි තීරණය ➡️ “දැනුවත් කළා ඇති — දැන් ක්‍රියාත්මක වෙන වෙලාව!”
🔷 – වහාම අලුත් නීති ➡️ විෂ රසායනික යොදා පලතුරු ඉදවීම සහ අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන වහාම ක්‍රියාත්මක කෙරේ.
🔷- හදිසි වැටලීම් ➡️ ඉදිරි පියවර ලෙස මෙවැනි විෂ රසායනික යොදාගන්නා ස්ථාන සහ වෙළෙඳසැල් සොයා සෘජු වැටලීම් සිදුකෙරේ.
🔷- තදින්ම නීතිය ක්‍රියාත්මකයි ➡️”අපි දැනුවත් කිරීම් කළා. තවත් දැනුවත් කිරීම්වලින් වැඩක් නෑ. ජනතාවගේ සෞඛ්‍යය එක්ක සෙල්ලම් කරන ඕනෑම වෙළෙන්දෙකුට එරෙහිව කෙළින්ම අධිකරණයේ නඩු පවරනවා!”
🔰- මිනිසුන්ගේ බඩට විෂ එකතු කරලා හම්බකරන එක වෙළෙඳාම නෙවෙයි.
🔰- නීතිය දැඩි වෙනවා වගේම, පාරිභෝගිකයන් විදිහට අපිත් මේවාට එරෙහිව හඬ නැගිය යුතුයි!
🔰- විෂ රසායනික නැති, සුරක්ෂිත ආහාර වේලක් අපේ රටේ පාරිභෝගිකයාගේ අයිතියක්!