ජනාධිපති වැය ශීර්ෂයෙන් වැටුප් දෙකක් හොරට ගත්තා කියන චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගතව ඉන්න හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාරට ඇප ලැබෙයිද? නැත්නම් තවත් ඇතුළටම වෙයිද?
මේ තීරණාත්මක නියෝගය ලබන ජූලි 8 වැනිදා ප්‍රකාශයට පත් කරනවා කියලා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියම කළා.
ඒ වෙනකම් සුගීශ්වරට දිගටම රිමාන්ඩ් එකේ ඉන්න සිද්ධ වෙලා තියෙනවා.
හැබැයි, මේ නඩුව ඇතුළේ දැන් ලොකු දේශපාලන පෙරළියක් වෙන්න පටන් අරන්.
ඒකට හේතුව වෙන කවුරුත් නෙවෙයි, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂම උසාවියට දීපු ප්‍රකාශයයි!
මධ්‍යම විමර්ශන අපරාධ කොට්ඨාසය එනම් CCID ය උසාවියට කියපු විදිහට, ඔවුන් මේ සිද්ධිය ගැන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක් සටහන් කරගෙන තියෙනවා.
එතනදී ගෝඨාභය කියලා තියෙන්නේ පුදුම කතාවක්. “අදාළ ලේකම් දීමනාව ලබාගත්තේ මමයි” කියලා ගෝඨාභය පිළිගෙන තියෙනවා!
තමන්ගේ පෞද්ගලික ලේකම් විදිහට සුගීශ්වරව පත්කරන්න කියලා ගෝඨාභය කරපු ඉල්ලීමකට අනුව, ජනාධිපති ලේකම්වරයා විසින් ජනාධිපති කාර්යාලයේ මූල්‍ය අංශ ප්‍රධානියාට නියෝග කරලයි මේ මුදල් ගෙවීම් සිද්ධ කරලා තියෙන්නේ.
හැබැයි කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. සුගීශ්වර බණ්ඩාර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේදී “විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්” විදිහටත් තනතුරක් දරලා තියෙනවා.
අන්න ඒ අංශය ඇතුළේ සිද්ධ වෙච්ච අබිරහස් සෙල්ලම් රැසක් විමර්ශන නිලධාරීන් උසාවියේදී හෙළි කළා!
මේ විශේෂ ව්‍යාපෘති අංශයේ වැඩ කරපු 6 දෙනෙක්ගෙන් ප්‍රකාශ ගත්තාම, 3 දෙනෙක්ම කෙළින්ම කියලා තියෙන්නේ “ඔය අංශයෙන් කිසිම වැඩක් සිද්ධ වුණේ නැහැ” කියලා!
තවත් දෙන්නෙක් කියලා තියෙන්නේ, මේ ව්‍යාපෘතිය හරහා සිද්ධ වුණේ “සම්පූර්ණයෙන්ම දේශපාලන කටයුතු විතරයි” කියලා.
ඒ වගේම මේ අංශයට පුද්ගලයන් 135 දෙනෙක් විතර බඳවාගෙන තියෙනවා (බහුතරයක් තාවකාලික). ඔවුන්ගේ වැටුප්, වාහන, සහ ඉන්ධන වෙනුවෙන් විතරක් රුපියල් කෝටි 22කට අධික මහජන මුදලක් වැය කරලා තියෙනවා!
විමර්ශන නිලධාරීන් උසාවියට අවධාරණය කළේ මේ කෝටි 22ක දැවැන්ත රාජ්‍ය මුදල් අවභාවිතය ගැන තවමත් පරීක්ෂණ යන නිසා, සැකකරුට ඇප දුන්නොත් සාක්ෂි විනාශ කරන්න හෝ බාධා කරන්න ඉඩ තියෙනවා කියලයි.
මේ අතර, සුගීශ්වර බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ප්‍රකට ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා උසාවිය ඉදිරියේ දැඩි තර්ක කිහිපයක් ගොනු කළා.
ඔහු කියන්නේ මේ අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී සහ හදිසි එකක් කියලයි.
🗣️ “මේ සිද්ධියට අදාළ පැමිණිල්ල ලැබෙන්නේ ජූනි 12. 16 වැනිදා වාර්තාව දානවා. 18 වැනිදා පාරේ යද්දී මහ මඟදී අත්අඩංගුවට ගන්නවා! කිසිම නිසි විමර්ශනයක් කරලා නැහැ.”
නීතිඥවරයා පෙන්වා දුන්නේ, 👇
ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශය අනුවම සුගීශ්වර වැටුප් දෙකක් අරන් නැති බව පැහැදිලියි.
වැටුප් දෙකක් ගත්තා කියන්න කිසිම සාක්ෂියක් ඉදිරිපත් කරන්න පොලිසියට බැරි වෙලා තියෙනවා.
විශේෂ ව්‍යාපෘති අංශයට සේවකයෝ ගත්තේ, වාහන දුන්නේ සුගීශ්වර නෙවෙයි – ඒ ඔක්කොම කළේ ජනාධිපති ලේකම්වරයායි.
තමන්ගේ සේවාදායකයාට විරුද්ධව කිසිම සාක්ෂියක් නැති නිසා වහාම ඇප දෙන්න කියලා ඔහු ඉල්ලා සිටියත්, මහේස්ත්‍රාත්වරයා තීරණය කළේ ලබන 8 වැනිදා වෙනකම් සැකකරු තවදුරටත් රිමාන්ඩ් එකේම තියන්නයි.
ජනතාවගේ බදු සල්ලි කෝටි 22කට වෙච්ච හරිය ගැන සහ “වැටුප් දෙකේ හොරේ” ඇත්ත නැත්ත ලබන 8 වැනිදා උසාවියෙන් තීන්දුවක් දේවිද? ඔබේ අදහස කමෙන්ට් කරන්න! 👇