අනතුරක්ද? කුමන්ත්‍රණයක්ද? හිටපු ඇමති බිරියගේ මරණය වටා සැක සංකා

🔰- ඉදිකෙරෙමින් පැවැති ගොඩනැගිල්ලක දෙවන මහලෙන් බිමට වැටීමෙන් බරපතළ තුවාල ලැබූ හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳ වන දේශානි ගුණරත්න මහත්මිය (55) 19 උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

🔰- අනතුර සිදුවීමෙන් පසු දෙදරු මවක වූ ඇය වහාම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ලබමින් සිටියදී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

🔰- ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීම සඳහා තණමල්විල පිහිටි නිවස වෙත රගෙන යාමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග පවසයි.

🔰- මෙම ඇදවැටීම අත්වැරදීමකින් සිදුවූවක්ද යන්න පිළිබඳව මෙතෙක් පැහැදිලි තොරතුරක් අනාවරණය වී නොමැති අතර, පොලිසිය ඒ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ ආරම්භ කර ඇත.

🔰- අවාසනාවන්ත ලෙස මෙසේ මියගිය දේශානි ගුණරත්න මහත්මියගේ සැමියා වන හිටපු පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන කැබිනට් අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා, ඉකුත් සමයේ අල්ලස් කොමිසම මගින් එල්ල කරන ලද දූෂණ චෝදනා කිහිපයක් හේතුවෙන් අත්අඩංගුවට පත්ව අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූ අයෙකි.

🔰- එහිදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදා හැරීමට නියෝග කළ අතර, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයද තහනම් කිරීමට පියවර ගන්නා ලදී.

🔰- මැතිවරණ සමයේදී රජයේ ව්‍යාපෘති ප්‍රචාරණය සඳහා රුපියල් 2,665,000ක මුදලක් අයථා ලෙස යෙදවීම, ගංවතුර ආධාර ජනතාව අතර බෙදා නොහැර ගසාකෑම, සහ මැයි දින රැලි සඳහා සහභාගී වූවන්ට ලබාදීමට වැවිලි සමාගම්වලින් ටී-ෂර්ට් 4,000ක් හා සාරි 3,000ක් ලබාගැනීමට බලපෑම් කිරීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා දැනට ඇප මත පසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *