🔴- අසරණ ජීවිතයක 🐾 වේදනාවට අවසානයේ සාධාරණයක් ☝️ අහිංසක පූස් පැටවාට වද දුන් තරුණයන් දෙදෙනා නීතියේ රැහැනට!👇
🔰 – සමාජ මාධ්‍ය පුරා ලැව්ගින්නක් සේ පැතිර ගිය ඒ අවාසනාවන්ත වීඩියෝ පටය දුටු සත්ව හිංසනයට එරෙහි ඕනෑම අයෙකුගේ හදවත කම්පා වී ගියේය.
🔰 – තමන්ට කරදරයක් කිරීමට තබා තමන්ගේ ආරක්ෂාව සැලසීමට පවා නොහැකි අසරණ, අහිංසක පූස් පැටවෙකුට ඉතා තිරිසන් ලෙස හිංසා කරන අයුරු දුටු බොහෝ දෙනෙකුගේ දෑස්වලට කඳුළු උනන්නට වූයේ මිනිස්කම යටපත් වූ සමහර මිනිසුන්ගේ අමානුෂිකත්වය හමුවේය.
🔰 – නමුත්, ඒ අසරණ සතාගේ වේදනාව අමතක කර දැමීමට සත්ව ලෝලීන් සූදානම් වූයේ නැත.
🔰 – ශ්‍රී ලංකා සත්ව සුභසාධන සන්ධානය (Animal Welfare Coalition) වහා ක්‍රියාත්මක වී, මෙම අමානුෂික ක්‍රියාවට එරෙහිව හඬ නඟමින් පොලිසියට පැමිණිලි කිරීමට පියවර ගන්නා ලදී.
🔰 – එම පැමිණිල්ලත් සමඟ වහා ක්‍රියාත්මක වූ තලාතුඔය පොලිසියේ නිලධාරීන්, අතුල්ගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙම අපරාධයට වගකිව යුතු වයස අවුරුදු 18 සහ 19 පසුවන තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
🔰 – “මෙය මීට මාසයකට පෙර සිදු වූවක්” යැයි සැකකරුවන් පැවසූවත්, කාලයට හෝ දුරකට අහිංසක සතෙකුට කළ අපරාධයක පාපයෙන් මිදිය නොහැකි බව නීතිය හමුවේ තහවුරු විය.
🔰 – අත්අඩංගුවට ගත් සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔවුන්ට එරෙහිව පහත දැක්වෙන දැඩි නීතිමය ප්‍රතිපාදන යටතේ චෝදනා ගොනු කිරීමට නියමිතය👇
🔷- දණ්ඩ නීති සංග්‍රහයේ 411 වගන්තිය
🔷- පොලිස් ආඥාපනතේ 63(අ) වගන්තිය
🔷- සත්ව හිංසනයට එරෙහි විශේෂ නීතිමය ප්‍රතිපාදන
🔰 – සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලිසිය විසින් ඉදිරි විමර්ශන කටයුතු ඉතා තදින් සිදු කරගෙන යනු ලබයි.
🔰 – අදාල සත්වයා මියගොස් ඇති බවට තොරතුරු හුවමාරු වුවත් පසුව දැනගැනීමට ලැබුනේ ජීවතුන් අතර ඇති බවයි.
🔰 – බව් බව් Baw Baw Animal Welfare කණ්ඩායම විසින් අදාළ පූසාව නිරුපද්‍රිතව සොයාගෙන පශු වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කළ අතර, ඇය ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවට තහවුරු වෙයි.
🔰 – දැනට පූසාව ‘බව් බව්’ අභයභූමියේ සුරක්ෂිතව රඳවා ඇති අතර, ඉදිරි දිනකදී අදාල සත්වයාව තිළිණි ගමගේ Linipaws වෙත භාර දී ඉතා ආදරණීය නිවසක් සොයා දීමට කටයුතු කරනු ඇත.
🔰 – කථා කිරීමට හෝ තමන් වෙනුවෙන් සටන් කිරීමට නොහැකි මෙවැනි අසරණ තිරිසන් සතුන්ට වද හිංසා පමුණුවන නරුමයින්ට නීතියෙන් උපරිම දඬුවම් ලැබිය යුතුමය.
🔰 – අනාගතයේදී හෝ මෙවැනි අමානුෂික සිදුවීම් නැවත සිදු නොවීමටත්, සතුන් වෙනුවෙන් හඬක් නැගූ සත්ව සුභසාධන සංවිධානයට සහ තලාතුඔය පොලිසියටත් සමස්ත සත්ව ලෝලීන්ගේම ගෞරවය හිමි විය යුතුය!