🔰- පවතින අයහපත් කාලගුණ තත්ත්වය සහ අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර තිබූ නායයෑම් පිළිබඳ ඉවත් වීමේ (රතු) නිවේදන තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන ඇත.
🔰- තද වැසි සමග පස බුරුල් වී නායයෑම්, පස්කඳු කඩා වැටීම් සහ ගල් පෙරළීම් සිදුවීමේ දැඩි අවදානමක් පවතින බැවින් මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පහත සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අවදානම් නිවේදනය හෙට (05) පූර්වභාග 09.00 දක්වා බලපැවැත්වෙනු ඇත.
🚨 රතු නිවේදන බලපැවැත්වෙන ප්‍රදේශ👇
🔷- මහනුවර දිස්ත්‍රික්කය
ගඟ ඉහළ කෝරළය
උඩුදුම්බර
පස්බාගේ කෝරළය
🔷- කෑගල්ල දිස්ත්‍රික්කය
යටියන්තොට
🔷- නුවරඑළිය දිස්ත්‍රික්කය
අඹගමුව
නෝර්වුඩ්
🔴- ජනතාව වෙත විශේෂ ⚠️ උපදෙස්👇
🔰- පස්කඳු කඩා වැටීම්, ගස් ඇලවීම්, පොළොවේ පැලුම් ඇතිවීම් හෝ ජල උල්පත් හදිසියේ මතුවීම් වැනි නායයෑම් පූර්ව ලක්ෂණ දක්නට ලැබේ නම් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන්න.
🔰- අවදානම් ප්‍රදේශවල වෙසෙන ජනතාව අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරී හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) ලබාදෙන උපදෙස් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන්න.
🔰- රාත්‍රී කාලයේදී වර්ෂාව තීව්ර වුවහොත් පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස ආරක්ෂිත මධ්‍යස්ථාන හෝ සුරක්ෂිත ස්ථාන වෙත යොමු වීමට කටයුතු කරන්න.