මීගමුව බන්ධනාගාර පරිශ්‍රය තුළ පසුගියදා ඇති වූ අවාසනාවන්ත සහ බීහිසුණු ප්‍රචණ්ඩ ක්‍රියාවේ සැබෑ බියකරු බව දැන් එකින් එක රට හමුවේ අනාවරණය වෙමින් පවතී.
මුළු මහත් සමාජයම දැඩි සේ කම්පාවට පත් කරමින්, එම ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා මේ වන විට නිකුත් වී ඇති අතර, ඉන් හෙළි වන තොරතුරු මිනිස් හදවත් කඳුළින් සහ දැඩි වේදනාවෙන් මුදාලීමට සමත්ය.
මරණ පරීක්ෂණ පවත්වන අධිකරණ වෛද්‍ය නිලධාරීන් පවා දැඩි සේ කම්පනයට පත් කරමින් හෙළි වී ඇත්තේ, මියගිය බන්ධනාගාර නිලධාරීන්ට එල්ල කර ඇති ප්‍රහාරයන් අතිශය අමානුෂික සහ තිරිසන් මට්ටමක පැවති බවයි.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන පරිදි, ඝාතනයට ලක් වූ නිලධාරීන්ගේ ගුද මාර්ගයන් තුළට කොසු මිටවල් පවා බලාත්කාරයෙන් ඇතුළු කර තිබූ අතර, මරණ පරීක්ෂණයේදී ඒවා සිරුරුවලින් පිටතට ගෙන ඇත.
මිනිස්කම සතෙකුටවත් නොමැති තරමට පහත් තත්ත්වයට වැටී ඇති බවට මේ සාක්ෂි මනාව ඔප්පු කරයි.
ජූලි 5 සහ 6 දෙදින තුළ ඇති වූ මෙම කුරිරු ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු පුද්ගලයන් 28 දෙනෙකුගේ සිරුරු මීගමුව රෝහලේ තැන්පත් කර තිබූ අතර, ඉන් 24 දෙනෙකුගේම පශ්චාත් මරණ පරීක්ෂණ මේ වන විට පංච පුද්ගල අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් විසින් සාර්ථකව නිම කර ඇත.
🔷 – වෙඩි වැදීමෙන් සිදු වූ මරණ: 14 කි.
🔷 – අමානුෂික පහරදීම්වලින් සිදු වූ මරණ: 09 කි. (මොවුන් සියලු දෙනාම පාහේ මියගොස් ඇත්තේ හිසට එල්ල වූ බරපතළ සහ දරුණු ප්‍රහාර හේතුවෙනි)
🔷 – විවෘත තීන්දුවක් ලැබුණු මරණ: 01 කි.
අවසන් වූ මෘතදේහ 24ම මේ වන විට හඬා වැටෙන ඥාතීන් වෙත භාර දී ඇති අතර, ඉතිරි මෘතදේහ 4 සම්බන්ධයෙන් පරීක්ෂණ තවමත් ක්‍රියාත්මකය.
එම පිරිස අතර ඉන්දීය ජාතිකයකු ද සිටින බව වාර්තා වේ.
මේ අතර, කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිට අවසන් හුස්ම හෙළු බන්ධනාගාර නියාමකවරයාගේ මරණ පරීක්ෂණයේ සාක්ෂි විමසීම ද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද අවසන් කෙරුණි.
මෙම මහා ඛේදවාචකය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ මෙහෙයවීම සඳහා වෛද්‍ය සුජීව වික්‍රමනායකගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ පංච පුද්ගල වෛද්‍ය කණ්ඩායමක් පත් කර ඇත. (වෛද්‍ය ප්‍රසන්න අප්පුහාමි, වෛද්‍ය සමන්ත විජේරත්න, වෛද්‍ය සමින්ද රාජපක්ෂ සහ වෛද්‍ය රමේෂ් අග්ගියාවන්න යන මහත්වරුන් මීට ඇතුළත්ය).
මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා මහත්මිය නියෝග කර ඇත්තේ මියගිය බන්ධනාගාර නිලධාරීන් 8 දෙනා සහ රැඳවියන් 21 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා මෙන්ම, සිද්ධියට අදාළ සම්පූර්ණ සවිස්තරාත්මක පොලිස් වාර්තාවක් ද කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
සිදුවූ බරපතළ හානිය සහ රුධිර වැගිරීම් හේතුවෙන් මීගමුව බන්ධනාගාර පරිශ්‍රය මේ වන විට නිල වශයෙන් “අපරාධ ස්ථානයක්” (Crime Scene) ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
මේ හේතුව නිසා එහි තවදුරටත් රැඳවියන්ඳ රදවා තැබීම කිසිසේත්ම සුදුසු නොවන බව බන්ධනාගාර පරිපාලනය තීරණය කර ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය නිවේදනය කරයි.
කෙසේ වෙතත්, උන්මත්තකයන් මෙන් හැසිරුණු පිරිස් විසින් බන්ධනාගාර දේපළවලට සිදු කර ඇති අතිවිශාල හානිය පිළිබඳ අවසන් තක්සේරු වාර්තාව මෙතෙක් සකස් කර නොමැති බව බන්ධනාගාර බලධාරීහු වැඩිදුරටත් පවසති.
සිපිරිගෙයක් තුළ මනුෂ්‍යත්වය මෙලෙස වළලා දැමූ සාහසිකයන්ට නීතියෙන් උපරිම දඬුවම් ලැබෙන තෙක් මුළු රටම බලා සිටී.