වෙඩිත් නෑ, බෙහෙතුත් නෑ; සතාම සියදිවි නසාගත්තලු! ඉතින් රටකට කුමකටද නීතියක්?

🔴- කාවන්තිස්ස මිය ගියේ කවන්තිස්සගේම වරදින්ද?

🔰- හරිම පුදුමයි කාවන්තිස්ස පුතේ… 😳 අන්තිමට බලනකොට මේ හැම දේකටම වරදකරු ඔයාමනේ.

🔰- තමන්ටම වෙඩි තියාගෙන, වැඩිපුර බෙහෙත් මාත්‍රාත් ගහගෙන, ඒ මදිවට මහාන්ත්‍රයත් ගැටගහගෙන, බඩේ අමාරුවකුත් හදාගෙන, අඩි 11ක තිබුණු සයිස් එක අඩි 9කටත් බස්සගෙන අන්තිමට තමන්ටම හානි කරගෙන මැරුණා කියන්නේ ඔයා නම් ඇත්තටම අමුතුම වැඩ තමයි කරන්නේ… 😔

🔰- අපි හිතුවේ මේ “හරිම සාධාරණයි” කියන පාලනය යටතේ, ඔයාට වෙඩි තියපු උන්ට කූරු ගණන් කරන්න වෙයි කියලයි.

🔰- ඔයාගේ ලොකු මහත ගැනවත් ගාණක් නැතුව, ඇස් පියාගෙන වෙඩි බෙහෙත් විදපු, ඒකට අනුමැතිය දීපු උන්ටත් හොඳ දඬුවමක් ලැබෙයි කියලා අපි මඟ බලාගෙන හිටියා.

🔰- ඒත් අන්තිමට මොකද වුණේ? ඔයාව බලාගන්න බැරි වුණු, ඔයාට වැරදි කරපු හැම එකාම අද සැපේ ඉන්නවා.

🔰- හැම වරදක්ම දැන් ඔයාගේ පිටින් ගිහින්…මේ අය කියන විදියට “ඉතින් දැන් ඔක්කොම කරගත්තේ ඔයාමනේ පුතේ…”

🔰- ඇත්තටම මෝඩ වුණේ අපිම තමයි. ඇස් බැඳගත්තු නීතියේ දෙවඟන, මුළු රටක්ම ආදරේ කරපු ‘මහ ඇතාට’ සාධාරණයක් කරයි කියලා බලන් හිටපු අපිට තමයි වැරදුණේ.

🔰- ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරපු අතුරු මරණ පරීක්ෂණ වාර්තාවෙන් කියන්නේ, කාවන්තිස්ස ඇතාගේ මරණය වෙඩි තැබීමක් නිසා වුණා කියලා තවම තහවුරු වෙලා නැහැ කියලයි.

🔰- ඊට හේතුව ශරීරය ඇතුළේ ඇති වුණු බරපතළ සංකූලතා පෙළක්ලු.

🔰- මහාචාර්ය ආර්. එම්. කේ. කේ. විජේසුන්දර මහත්මිය ඉදිරිපත් කරපු මේ වාර්තාව කියන්නේ මරණයට හේතුව මහාන්ත්‍රය ගැටගැසීමක්ලු..

🔰- ඒ කියන්නේ ආහාර ජීරණ පද්ධතියේ මහාන්ත්‍රය ගැටගැසුණු නිසා, ඇතාට කෑම දිරවන්නේ නැතුව, ශරීරයට අවශ්‍ය දේවල් උරාගන්න එකයි, අපද්‍රව්‍ය පිට කරන එකයි සම්පූර්ණයෙන්ම නතර වෙලාලු..

🔰- ඒකෙන් ඇති වුණු සෙප්ටික් කම්පනය නිසා රුධිර පීඩනය වැඩි වෙලා, ඇඟ ඇතුළට ඔක්සිජන් යන එකට ලොකු බාධාවක් වෙලාලු.

🔰- ඔක්සිජන් අඩු වෙලා රුධිර පීඩනය වෙනස් වීමත් එක්ක, මොළය ඇතුළු අනෙක් වැදගත් අවයවවලට ලොකු බලපෑමක් ඇති වෙලා, අන්තිමට ඒක මරණය දක්වාම ගිහින් තියෙනවා කියලා තමයි වාර්තාවෙන් කියන්නේ.

🔰- ඇතාගේ දකුණු පැත්තේ බඩ ප්‍රදේශයේයි, උරහිස් බිත්තියෙයි මූනිස්සම් තුනක් තිබිලා හම්බවෙලා තියෙනවා. හැබැයි ඒවා මස් වැදලි ඇතුළේ හැංගිලා තිබුණු ඒවා මිසක්, කිසිම ඇතුළේ අවයවයකටවත්, ඇටකටුවකටවත් හානියක් කරලා නැහැ කියලත් මේ වාර්තාවෙන් කියනවා..

🔰- ප්‍රතිකාර කරන කාලේ දකුණු කකුලෙන් සැරව ගලනවා දැකලා ගොඩක් අය හිතුවේ එතැනට වෙඩි වැදිලා කියලා උනත් , දැන් කෙරුණු පරීක්ෂණවලදී පෙනිලා තියෙන්නේ එතැන තිබිලා තියෙන්නේ පරණ තුවාල (නිදන්ගත තුවාල) තුනක් විතරයි කියලලු. එතැනින් කිසිම මූනිස්සමක් හම්බවෙලා නැහැ කියලත් වාර්තාවේ සදහන් වෙනවා.

🔰- මේ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව දැන් දෙන්නෙක්ව අත්අඩංගුවට අරන් තියෙනවා.

🔰- හම්බවුණු මූනිස්සම් තුනට එයාලගේ සම්බන්ධයක් තියෙන්න පුළුවන්ලු.

🔰- අලුත් පාලනයක් ආවම “දැන්වත් නීතිය හරියට ක්‍රියාත්මක වෙයි, අසාධාරණයට ලක්වුණු සත්තුන්ටවත් සාධාරණයක් ඉෂ්ට වෙයි” කියලා මිනිස්සු හිතුවා.

🔰- ඒත් දැන් පේන්නේ වාර්තා පිට වාර්තා එනවා විතරයි, සැබෑ වගකිව යුත්තන්ට දඬුවම් ලැබෙන පාටක් නම් නැහැ වගේ.

🔰- ඇතාට බෙහෙත් කරද්දී මොකක් හරි වැරැද්දක් හෝ සංකූලතාවක් වුණාද කියලා දැනගන්න තියෙන්නේ ඉස්සරහට එන රජයේ රස පරීක්ෂක වාර්තාවෙන්.

🔰- අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් (CID) මේ ගැන තවදුරටත් හොයනවාලු.

🔰- හැබැයි මේකෙන් මතුවෙන ලොකුම ප්‍රශ්නය තමයි, වනජීවී එකේ කළමනාකරණය, සතුන්ට ප්‍රතිකාර කරන විදිහ සහ වගකිව යුතු අයගේ නොසැලකිල්ල ගැන කවුද වගකියන්නේ?

🔰- සතෙක් මැරුණට පස්සේ “සංකූලතා නිසා මැරුණා” කියලා වාර්තාවක් දුන්නම හැමදේම ඉවරද?

🔰- මේ වගේ මහා ඇත්තු රැකගන්න බැරි නම්, සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කාගෙන්ද?

🔰- ඉතින්… මහ පොළොවවත් මේ අසාධාරණය දකිත්වා! 🙏 මේ ඇත් රජුට මේ ඉරණම අත් කරපු එවුන්ට මේ ආත්මෙම, ඇස් ඉස්සරහම දඬුවම් ලැබේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *