ඉතිහාසය මකන කුහක හඬ!

“මගේ නම මොහොමඩ් ෆාසල් (Muhammed Fazl)
අපි ලංකාවේ මිනිස්සුන්ට කියන්නේ ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නෙවෙයි…
මේක බෞද්ධාගමික රටක් කියලා කියන්නත් එපා..
නීතිගත කරලත් නෑ… නීතියෙන් කොහෙවත් සදහන් කරලත් නෑ…
ලංකා රටේ බෞද්ධයන් 1% වත් නෑ
අපිට NPP ආණ්ඩුවේ 2/3 ක බලයක් තියෙනවා
බෞද්ධාගමට මුල්තැන දෙන සංශෝධනයන් ඉවත් කරන්න ඕන
එක ගැන ව්‍යවස්ථාවක් ඇති කරන්න ඕන මේ රටේ
හැබැයි කව්රුත් මේක බෞද්ධ රටක් කියලා කියන්න එපා…..
🔰 – මේ දවස්වල සමාජ මාධ්‍ය ජාලා හරහා පුදුමාකාර විදිහේ වෛරී ප්‍රකාශ සහ රටේ තියෙන සාමය නැති කරන්න හදන පිරිසක් බිහි වෙලා ඉන්නවා.
🔰 – විශේෂයෙන්ම “මොහොමඩ් ෆාසල්” (Muhammed Fazl) නමැති පුද්ගලයෙක් මුහුණු පොතට (Facebook) වීඩියෝ එකක් සහ සටහනක් එකතු කරමින් කියන කතා දැක්කම, මේ රටේ ඉතිහාසය ගැන, නීතිය ගැන, ඒ වගේම මේ රට බේරගන්න ලේ හලපු මිනිස්සු ගැන දන්න ඕනෑම කෙනෙක්ට ඇති වෙන්නේ ලොකු කලකිරීමක් වගේම දැඩි කෝපයක්.
🔰 – නැති ප්‍රශ්න ඇති කරලා, රටේ බහුතර ජනතාවගේ මොළ Brainwash කරන්න හදන මේ වගේ ප්‍රකාශ පිටිපස්සේ තියෙන්නේ මොන වගේ න්‍යාය පත්‍රයක්ද මේවා පිටුපස සිටින්නේ කව්රුන්ද කියලා අපි ටිකක් ගැඹුරින් හිතලා බලන්න ඕන..
🔰 – මොහොමඩ් ෆාසල් තමන්ගේ වීඩියෝ එකේ කියනවා “ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නෙවෙයි, මේක බෞද්ධාගමික රටක් කියලා කියන්නත් එපා, නීතිගත කරලත් නෑ, ලංකාවේ බෞද්ධයන් 1% ක්වත් නෑ” කියලා.
🔰 – ඇත්තටම මේ වගේ කාලකන්නි කියන කතා අහද්දී හිනා වෙන්නද අඬන්නද නැත්තම් කොහෙන් හිනා වෙන්නද කියලා හිතාගන්න බෑ.
🔰 – ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය කියවලා නැති අය තමයි මෙහෙම “නීතියෙන් කොහෙවත් සඳහන් කරලා නෑ” කියලා කෑගහන්නේ.
🔰 – ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් වෙනවා “ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය” කියලා.
🔰 – ඒ වගේම 1815 උඩරට ගිවිසුමෙන් පවා බුද්ධාගම ආරක්ෂා කරන බවට නීත්‍යානුකූලව පොරොන්දු වෙලා තියෙනවා.
🗣️බෞද්ධයන් 1% ක්වත් නෑලු!
🔰 – හැබැයි ලංකාවේ ජනගහනයෙන් 70% කට වඩා ඉන්නේ බෞද්ධයන්.
🔰 – එහෙම තියෙද්දී “1% ක්වත් නෑ” කියලා කියන්නේ තමන්ගේ හිතේ තියෙන වෛරය පිටකරගන්න මිසක් වෙන දෙයකට නෙවෙයි.
🔰 – මේක නිකම්ම දූපතක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් වැඩම කරලා, ශ්‍රී මහා බෝධිය, දළදා වහන්සේ වැඩ සිටින, අවුරුදු 2500 කට වඩා ලිඛිත බෞද්ධ ඉතිහාසයක් තියෙන පුණ්‍ය භූමියක්.
🔰 – එහෙම රටකට ඇවිත් “මේක බෞද්ධ රටක් කියන්න එපා” කියන්න තරම් මේ අයට හයියක් ආවේ කොහෙන්ද?
🔰 – මේ පුද්ගලයා තමන්ගේ ෆේස්බුක් සටහන හරහා ථේරවාදී බෞද්ධ රටවල් (ශ්‍රී ලංකාව, මියන්මාරය, කාම්බෝජය) ඉලක්ක කරගෙන ඉතාමත් ද්වේෂසහගත ප්‍රහාරයක් එල්ල කරනවා.
🔰 – ඔහු කියනවා ලංකාවෙත් 40,000 ක් ඝාතනය කරලා ජන සංහාරයක් කළා, මේ ඔක්කොම “කුරිරු බෞද්ධ රටවල්” කියලා.
🔰 – මේක තමයි බටහිර බලවේග සහ රටට විරුද්ධ කණ්ඩායම් දශක ගාණක් තිස්සේ පාවිච්චි කරපු බොරු චෝදනාව.
🔰 – අපි අවුරුදු 30 ක් තිස්සේ මුහුණ දුන්නේ ලෝකයේ හිටපු දරුණුම ත්‍රස්තවාදී සංවිධානයට.
🔰 – ඒ යුද්ධයෙන් බේරගත්තේ සිංහල මිනිස්සුන්ව විතරක් නෙවෙයි, දෙමළ, මුස්ලිම් හැමෝටම බෝම්බ බියක් නැතුව පාරේ බැහැලා යන්න පුළුවන් සාමයක් හදලා දුන්නේ මේ රටේ බෞද්ධ නායකත්වය සහ රණවිරුවෝ.
🔰 – අද ඒ සාමය භුක්ති විඳින ගමන්ම, තමන්ට නිදහසේ කට අරින්න පුළුවන් වුණු ඒ ජයග්‍රහණයට “ජන සංහාරයක්” කියලා අපහාස කරන එක මොන තරම් කුහකකමක්ද?
🔰 – මොහොමඩ් ෆාසල්ගේ වීඩියෝවේ තියෙන භයානකම කොටස තමයි ඔහු ඉල්ලන දේ. ඔහු කියනවා,
🗣️”NPP ආණ්ඩුවට 2/3 ක බලයක් තියෙනවා. බුද්ධාගමට මුල්තැන දෙන සංශෝධනය ඉවත් කරන්න ඕන, අලුත් ව්‍යවස්ථාවක් ඇති කරන්න ඕන.”
🔰 – මෙතනින්ම පැහැදිලි වෙනවා මේ කතා කරන්නේ නිකම්ම සාමාන්‍ය පුද්ගලයෙක් නෙවෙයි, පවතින NPP ආණ්ඩුවේ බලය පාවිච්චි කරලා මේ රටේ බෞද්ධ අනන්‍යතාවය මකලා දාන්න බලාගෙන ඉන්න කණ්ඩායමක නියෝජිතයෙක් කියලා!
🔰 – අද වෙනකොට වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ක්‍රියා කරන විදිහ දිහා බැලුවම, සාමාන්‍ය ජනතාවටත් මේ සැකය තදින්ම දැනෙනවා..
🔰 – අනුර කුමාර දිසානායක ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව අනෙකුත් සියලුම ආගම්වලට, සංස්කෘතීන්වලට විශේෂ සැලකිලි දක්වද්දී, මේ රටේ මුල් පදනම වුණු බුද්ධාගමට සහ සිංහල බෞද්ධ උරුමයන්ට කුඩම්මාගේ සැලකිලි දක්වන බව පැහැදිලියි.
🔰 – මෑත කාලයේ අනුරාධපුරය වැනි පූජනීය නගරවල පවා ගැසට් නිවේදන හරහා ඇති වුණු ගැටලු, මහා සංඝරත්නයට පාරට බහින්න සිද්ධ වුණු තත්ත්වයන් දිහා බැලුවම පේන්නේ මේ ආණ්ඩුව වැඩ කරන්නේ මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ අවශ්‍යතාවයට වඩා, වෙනත් බාහිර බලවේගවල උවමනාවන් ඉටු කරන්න කියලයි.
🗣️”අපි දැක්කනේ භික්ෂූන් වහන්සේලාම ඇන කොටා ගන්නවා… බෞද්ධාගම කොතැනකවත් නෑ ” කියලා මොහොමඩ් ෆාසල් (Muhammed Fazl) බොහොම උපහාසයෙන් කියනවා.
🔰 – ඇත්ත, පහුගිය කාලේ සමාජ මාධ්‍ය හරහා ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ නොගැළපෙන හැසිරීම් උලුප්පලා පෙන්නුවා.
🔰 – ඒවා ඒ විදිහට සමාජගත කරන්නත් වෙනම සංවිධානාත්මක පිරිසක් වැඩ කළා.
🔰 – මොකද බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව නැති කරලා, සංඝ සමාජය කෙරෙහි තියෙන ගෞරවය බිඳලා දැම්මම, “බෞද්ධ රට” කියන සංකල්පය ලේසියෙන්ම අතුගාලා දාන්න පුළුවන් නිසා.
🔰 – ඕනෑම ආගමක, ඕනෑම සමාජයක වැරදි කරන අතළොස්සක් ඉන්න පුළුවන්.
🔰 – නමුත් ඒ අතළොස්සක් පෙන්නලා, අවුරුදු දහස් ගාණක් මේ රට රැකගත්ත මහා සංඝරත්නයටත්, නිර්මල බුදු දහමටත්, මේ රටේ බහුතර බෞද්ධ ජනතාවටත් නිග්‍රහ කරන්න කාටවත් අයිතියක් නෑ.
🔰 – අවසාන වශයෙන්.. මේ වගේ ප්‍රකාශ නිකම්ම කට කහනවට කියන ඒවා නෙවෙයි.
🔰 – මේවා ඉතාමත් සැලසුම්සහගතව, නැති ප්‍රශ්න ඇති කරලා, රට ඇතුළේ ආගමික ගැටුමක් නිර්මාණය කරන්න, නැත්නම් බෞද්ධයන්ගේ නිහඬතාවය දුර්වලකමක් විදිහට හිතලා 2/3 බලයෙන් ව්‍යවස්ථාව වෙනස් කරන්න පාර කපන උත්සාහයන්.
🔰 – සාමකාමීව ඉන්න මිනිස්සුන්ව කුපිත කරවන, රටේ ඉතිහාසය විකෘති කරන මේ වගේ අන්තවාදී අදහස් පතුරුවන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන.
🔰 – එහෙම නැතුව ආණ්ඩුවත් නිහඬව ඉන්නවා නම්, ඒකෙන් ඔප්පු වෙන්නේ මේ අන්තවාදීන්ගේ න්‍යාය පත්‍රයට ආණ්ඩුවේත් ආශිර්වාදය තියෙනවා කියන එක විතරයි.
🔰 – මේ අතර, සමාජ මාධ්‍ය ජාලා හරහා සැරිසරන මොහුගේ ඡායාරූපවල සිටින විපක්ෂයේ ප්‍රබලයන් සහ ප්‍රබල ස්වාමීන් වහන්සේලා, මොහු සිය විනෝදාංශයට මෙන් ගත් ඡායාරූපවලට පමණක් සීමා වූ අය බවත්, ඇතැම් පිරිස් ඒවා දැන් උළුප්පා දක්වමින් මේ සියල්ල ඔවුන්ගේ ක්‍රියාකාරකම් ලෙස හුවා දක්වන්නට උත්සාහ කරන බවත් පෙනේ. එහෙත්, යථාර්ථය තේරුම් ගත හැකි බුද්ධිමත් පිරිස් මේ දෙස පැහැදිලි, නිවැරදි මනසකින් යුතුව විමසා බැලිය යුතුය.
🔰 – මේ රටේ බෞද්ධ උරුමය රැකගන්න එක කාගේවත් න්‍යාය පත්‍රවලට යට කරන්න මේ රටේ බුද්ධිමත් ජනතාව කවදාවත් ඉඩ තියන්නේ නෑ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *