🔰- අවුරුදු 15ක පොඩි කෙල්ලෙක්ව කැලේක ගල් ගුහාවකට උස්සන් ගිහින්, කිතුල් මල් කපන පිහියකින් හරි කතුරකින් හරි පෙකණිවැල කපලා, හකුරු හදන මුට්ටිවලින් වතුර උණු කරලා දරුවෙක් වදන්න සලස්වපු අපරාධකාරයෙක්ට “නියම පිරිමියෙක්”, “නියම තාත්තා කෙනෙක්” කියලා සාධුකාර දෙන මේ රටේ මිනිස්සුන්ගේ මොළේ තියෙන්නේ කොහෙද කියලා අහන්න වෙනවා!
🔰- දවල් නිවුස් එක දැක්ක වෙලේ ඉඳන් ඇඟේ මාළු නටනවා සමහර පේජ්කාරයන්ගෙයි, ඒවට හෑලි ලියන එවුන්ගෙයි නූගත්කම දැකලා.
🔰- නකල්ස් කැලේ මැද්දේ කරඹකැටිය – දම්බටේ වගේ මහා ඝන වනාන්තරයක ගල් ගුහාවක මාස ගාණක් තිස්සේ මේ පොඩි දැරියව සඟවගෙන ඉඳලා, අන්තිමට උඩුදුම්බර පොලිසියෙන් මේ ළමයවයි මාස දෙකක කිරිකැටි දරුවවයි බේරගත්තා කියන එක කොච්චර ඛේදවාචකයක්ද?
🔰- මේක රොමෑන්ටික් ෆිල්ම් එකක් නෙවෙයි, මේක අමුම අමු ළමා අපචාරයක් (Child Abuse) සහ බරපතල අපරාධයක්!
🔰- නිකමට හිතපල්ලා මේ එක සිද්ධිය ඇතුළේ නීතියටයි සමාජයටයි විරුද්ධව වෙලා තියෙන බරපතල අපරාධ කීයක් තියෙනවද කියලා..
🔰- වයස අවුරුදු 15ක, ඒ කියන්නේ 9 වසරේ 10 වසරේ ඉන්න පොඩි දරුවෙක්ව ගැබිනියක් කිරීම, මේ රටේ නීතිය අනුව වයස අවුරුදු 16ට අඩු දැරියක් එක්ක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලිංගිකව හැසිරීම පැහැදිලිවම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් (Statutory Rape).
🔰- එහෙම අපරාධයක් කරපු 22 හැවිරිදි එකෙක්ටද උඹලා “නියම පිරිමියා” කියන්නේ?
🔰- එතකොට උඹලගේ ගෙවල්වල ඉන්න තාත්තලා, සහෝදරයෝ පිරිමි නෙවෙයිද?
🔰- නකල්ස් කැලේ මැද්දේ, වන සත්තු ගැවසෙන, කිසිම මනුස්ස පුළුටක් නැති ගල් ගුහාවක මේ පොඩි කෙල්ලව හිරකරගෙන හිටපු එක වීරකමක් වෙන්නේ කොහොමද?
🔰- ඒ කෙල්ලගේ අධ්‍යාපනය, අනාගතය, ළමා කාලය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාපු එකටද උඹලා අත්පුඩි ගහන්නේ?
🔰- මුළු ලෝකෙම පිළිගන්න, ලංකාවේ තියෙන ශක්තිමත්ම නිදහස් සෞඛ්‍ය සේවයෙන් ගර්භනී අම්මා කෙනෙක්ටයි, දරුවෙක්ටයි දෙන හැම ආරක්ෂාවක්ම නැති කරලා, කිසිම වෛද්‍ය පහසුකමක් නැති ගල් ගුහාවක, මලකඩ කාපු පිහි, කතුරු වලින් පෙකණිවැල කපලා දරුවෙක් බිහි කරන එක මොන තරම් භයානකද?
🔰- විෂබීජයක් ගියා නම් (Tetanus වගේ දෙයක් හැදුණා නම්) අම්මයි දරුවයි දෙන්නම එතැනම මැරෙනවා!
🔰- අම්මට අධික රුධිර වහනයක් වුණා නම් කවුද වගකියන්නේ?
🔰- දරුවෙක් වදනකොට අම්මා කෙනෙක් විඳින වේදනාව මොන වගේද කියලා දන්නේ දරුවෙක් වදපු ගෑනියෙක් විතරයි.
🔰- ඉස්පිරිතාලෙක සැප පහසු ඇඳක් උඩ ඉඳගෙන, විශේෂඥ ඩොක්ටර්ස්ලා, නර්ස්ලා වටකරගෙන, වේදනානාශක දීලත් ඒ වේදනාව දරාගන්න බැරුව අම්මලා මරහඬ දීලා කෑගහනවා.
🔰- එහෙම එකේ, තාම තමන්ගේ ඇඟවත් හරියට වැඩිලා නැති අවුරුදු 15ක පුංචි ළමයෙක් කිසිම බෙහෙතක් නැතුව, ගල් ගුහාවක සීතලේ, අමු අමුවේ ඒ මරණීය වේදනාව විඳලා දරුවෙක් වදපු හැටි මතක් වෙද්දීත් ඇඟ හිරිවැටෙනවා.
🔰- ඒත් මේ රටේ ඉන්න සමහර ගෑනු පවා මේකට “අනේ හරි ආදරණීයයි”, “මේ වගේ පිරිමි අද කාලේ නෑ” කියලා කමෙන්ට් දානවා දැක්කම හිතෙන්නේ මුන්ට තමන් දරුවෝ වදපු වේදනාවත් අමතක වෙලාද, නැත්නම් මුන් ඉපදිලා තියෙන්නෙත් කැලේ ගල් ගුහාවක ඉඳන් බෙහෙත් විදගන්නේ නැතුවද කියලා!
🔰- අම්මා ගැබිනි කාලේ ගහන ත්‍රිපෝෂ ටිකේ ඉඳන්, ප්‍රසූතියට ඉස්සෙල්ලා සහ පස්සේ ගහන එන්නත් ටිකවත් නැතුව හැදුණු උන් තමයි ඔය ෆේස්බුක් එකේ මේ අපරාධය සාධාරණීකරණය කරන්නේ.
🔰- නිකමට කාලය ආපස්සට අරන් බලපල්ලා.
🔰- මේ දරුවා හම්බවෙන්න මාස නවයකට කලින්, ඒ කියන්නේ මීට අවුරුද්දකට විතර කලින් මේ කෙල්ලගේ වයස අවුරුදු 14යි!
🔰- ඒ කියන්නේ ඉස්කෝලේ 8 වසරේ හරි 9 වසරේ හරි ඉන්න, තාම සෙල්ලම් කරන වයසේ ඉන්න පොඩි දරුවෙක්.
🔰- අන්න ඒ වයසේ ළමයෙක් එක්ක ලිංගිකව හැසිරුණු එකෙක්ව තමයි මේ ෆේස්බුක් ඔස්තාර්ලා අද “වීරයෙක්” කරලා උඩ තියන්නේ!
🔰- මේ ඔක්කොටම වඩා ලැජ්ජා නැතිම දේ තමයි මේ සමාජයේ තියෙන කුහකකම සහ දෙබිඩි පිළිවෙත!
🔰- මේ රටේ වෙනත් සුළු ජාතියක ළමා විවාහයක් ගැන නිවුස් එකක් ගියා නම්, මෙතන “නියම පිරිමියා”, “නියම ආදරේ” කියලා සාධුකාර දෙන හැත්තම තමයි රෙදි උස්සගෙන ජාතිවාදේ අවුස්සගෙන “ළමා අපචාර”, “නීතිය ක්‍රියාත්මක කරපියව්” කියලා බෙරිහන් දෙන්නේ!
🔰- තමන්ගේ ජාතියේ එකෙක් අවුරුදු 15ක කෙල්ලෙක්ව කැලේකට උස්සන් ගිහින්, නීතියට පිටින් ගිහින් දරුවෙක් හැදුවම ඒක “පූජනීය ආදරේ”, අනිත් ජාතීන්ගේ උන් කරොත් ඒක “මහා අපරාධය”! මොන තරම් තුච්ඡ, නින්දිත, දෙබිඩි මානසිකත්වයක්ද මේක?
🔰- මේ වගේ පෝස්ට් හදලා ෂෙයාර් කරන ෆේස්බුක් පේජ්කාරයෝ කරන්නේ සල්ලි හම්බකරන්න රීච් ගන්න ගිහින්, මුළු සමාජයටම වැරදි ආදර්ශයක් දෙන එක.
🔰- මේවා දකින අනිත් මෝඩ කොල්ලොයි කෙල්ලොයි හිතන්නේ “ආ… අපිත් කැලේකට පැනලා ගිහින් දරුවෙක් හැදුවොත් ඒක තමයි නියම ආදරේ” කියලා.
🔰- අන්තිමට ළමා මව්වරුන්ගෙන් රට පිරිලා, අනාථ දරුවෝ බිහිවෙලා, සමාජයම අගාධයට යනවා.
🔰- අපරාධයකට “ආදරේ” කියන ලේබල් එක අලවලා, ළමා අපචාරකාරයෙක්ව වීරයෙක් කරන මේ වගේ මොළේ කුරුවල් වුණු, නීතියක් රීතියක් නොදන්නා ගෝත්‍රික සමාජයක් තියෙනකම් මේ රටට නම් කවදාවත් ගොඩ ඒමක් නෑ!