ශ්‍රීපාදේ නටන්න ගිය අශේන්ට හාමුදුරුවන්ගෙන් පූජනීය බැනුම! “රට කරන්න කලින් ගේට්ටුවෙන් පනින එක නවත්පන්!”

🔰 – ශ්‍රීපාද වන්දනා වාරය ළඟ එද්දී රටම උණුසුම් කළ අලුත්ම මතභේදය බවට පත්ව තිබෙන්නේ සමාජජාල ක්‍රියාකාරිකයකු වූ අශේන් සේනාරත්නගේ ආන්දෝලනාත්මක සිරිපාද චාරිකාවයි.

🔰 – අවාරයේ සිරිපා සියලු නීති සතපහකට මායිම් නොකර, වසා තිබූ ගේට්ටුවෙන් පැන අනවසරයෙන් කන්ද නැග ඔහු කළ වීඩියෝව දැන් මුළු රටම දෙවනත් කර තිබේ.

🔰 – මෙම අනවසර පිවිසීම සම්බන්ධයෙන් දැඩි ලෙස කුපිත වී සිටින ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන් අශේන්ගේ ප්‍රකාශ දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, තමන්ගේ පෞද්ගලික ප්‍රචාරණ අරමුණු සහ ලයික්-වියුස් වෙනුවෙන් මේ පුද්ගලයා රටම නොමඟ යවන බවයි.

🔰 – අවාර සමයේ ශ්‍රීපාදස්ථානයට ඇතුළුවීම දැඩි ලෙස තහනම් කර තිබියදී, මුරකරුවන්ගේ නියෝගද නොතකා ගේට්ටුවෙන් පැන අනවසරයෙන් ගොස් ඇති මොහු, රාජකාරිය නිසි පරිදි ඉටුකළ ආරක්ෂක නිලධාරියාටද බැණවැදී ඇත්තේ අතිශය අශෝභන ලෙසය.

🔰 – නායක හිමියන් ප්‍රශ්න කරන්නේ, පන්සලක හෝ ජාතික වටිනාකමක් ඇති පුජනීය ස්ථානයක නීති පයින් ගසා මේ කරන නටුම් පිටුපස ඇත්තේ කුමන කුණු අරමුණක්ද යන්නයි.

🔰 – අශේන් තමන්ගේ වීඩියෝවෙන් කියා සිටියේ ශ්‍රීපාදස්ථානයේ ආරක්ෂිත වැටවල් කැඩී ගොස් ඇති බවත්, විදුලි කාන්දුවීම් නිසා තමන්ට විදුලි සැර වැදුණු බවත්ය.

🔰 – ‘දිට්වා’ කුණාටුවෙන් පසු ඉතිරි වූ කුණු කඳු තවමත් ඉවත් කර නැති බව පවසන ඔහු, බලධාරීන්ට බැරි නම් රට පාලනය කිරීම තමන්ට භාරදෙන ලෙසයි අභියෝග කරයි..

🗣️”බැරි නම් දෙන්න මං කරන්නම්… මං මේ රටේ පැත්තක් බලාගන්නම්!”

🔰 – යනුවෙන් ඔහු දැඩි උජාරුවෙන් ප්‍රකාශ කිරීම සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට හා උපහාසයට ලක්ව තිබේ.

🔰 – නායක හිමියන් පැහැදිලි කළේ දිට්වා කුණාටුවෙන් හැටන් මාර්ගයට වූ හානි යථා තත්ත්වයට පත්කිරීම සඳහා ආරක්ෂක අංශ සහ නිලධාරීන් 150කට අධික පිරිසක් මාසයකට ආසන්න කාලයක් අතිශය දුෂ්කර මෙහෙයුමක් දියත් කළ බවයි.

🔰 – එපමණක් නොව, අවාරයේ පැමිණෙන මෙවැනි අමන මිනිසුන් හේතුවෙන් ප්‍රතිසංස්කරණය කළ අම්බලම් සහ වැසිකිළි පද්ධති පවා නිරන්තරයෙන් විනාශ වී යන බව උන්වහන්සේ කණගාටුවෙන් සිහිපත් කළහ.

🔰 – අවාරයේ සිරිපාදේ ගොස්, මුරකරුවන්ටත් අභියෝග කරමින් මළුවට පැන වීඩියෝ කරන මේ වැනි පුද්ගලයන් නිසා ඉදිරියේදී සැබෑ ලෙසම පරිසරය විඳින්නට යන සාමාන්‍ය මිනිසුන්ටත් එම වරම නැතිවී යනු ඇතැයි ජනතාව දැන් සමාජ මාධ්‍ය හරහා ප්‍රශ්න කර සිටිති.

🔰 – “මොකක්ද මේ මනුස්සයාට වෙලා තියෙන්නේ? මූට පිස්සුද?” යනුවෙන් මහජනතාව අතරින් දැන් බරපතල විරෝධතා මතුවෙමින් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *