🔰- ශ්රී ලාංකේය සංඝ සමාජය සහ බෞද්ධ ජනතාව මහත් අන්දමන්ද කරමින්, මෑත දිනවල රට පුරා ඉහළ ගිය භික්ෂු විරෝධතාවල ප්රධාන චරිතයක් බවට පත්ව සිටින පිටිදූවේ සිරිධම්ම හෙවත් සිරි සමන්ත භද්ර හිමියන් නැවත වතාවක් සමස්ත බෞද්ධ ලෝකයේම දැඩි අවධානයටත්, විවේචනයටත් ලක්ව තිබේ.
🔰- 22 දින මහනුවර මල්වතු මහ විහාරයට කැඳවූ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් විසින් උන්වහන්සේට දැඩි ලෙස අවවාද කර, විහාර පරිශ්රයෙන් පිටත් කර හැරීමට කටයුතු කර ඇත.
🔰- කෙසේ වෙතත්, මෙම කැඳවීම හුදෙක් සාමාන්ය අවවාද කිරීමක් පමනක්ද, නැතහොත් මල්වතු පාර්ශ්වයේ දැඩි තීරණයකට පෙර පැමිණි අවසාන අනතුරු ඇඟවීමද යන්න පිළිබඳව මේ වන විට දැඩි මතභේදයක් නිර්මාණය වී තිබේ.
🔰- මහ නාහිමියන්ගේ දැඩි කෝපයට හේතු වී ඇත්තේ සමන්ත භද්ර හිමියන් මෑතකදී සිදුකළ අතිශය ආන්දෝලනාත්මක හැසිරීම් සමුදායයි.
🔰- තමන්ට හෝ භික්ෂූන් වහන්සේලාට අපහාස කරන බව කියන පුද්ගලයන්ට එරෙහිව පාත්රය හරවා ‘පත්තිනිකුජ්ජන කර්මය’ සිදු කරන බවට උන්වහන්සේ ප්රසිද්ධියේ තර්ජනාත්මක ප්රකාශ නිකුත් කර තිබුණි.
(🔴 – පත්තිනිකුජ්ජන කර්මය (Pattanikujjana Kamma) යනු බුදුදහමට, ත්රිවිධ රත්නයට හෝ මහ සංඝරත්නයට බරපතළ ලෙස නින්දා අපහාස හා හානි සිදුකරන ගිහියෙකුට එරෙහිව සංඝයා වහන්සේලා විසින් පනවන ශාසනික වර්ජනයක් (Alms-boycott) වන අතර, එහි වචනාර්ථය “පාත්රය යටිකුරු කර තැබීම” යන්නයි. විනය කර්මයකින් පසුව ක්රියාත්මක වන මෙම සංඝ සම්මතය හරහා අදාළ පුද්ගලයාගෙන් දානමාන හෝ පිරිකර පිළිගැනීමෙන් වැළකී සිටින අතර, ඔහුගේ නිවසට වැඩම කිරීම, පිරිත් කීම, මතක වස්ත්ර පූජා ආදී කිසිදු ආගමික වතාවත් ඉටුකර නොදෙමින් ඔහුව සංඝ සමාජයෙන් වෙන් කර තබනු ලබයි. කෙසේ වෙතත්, අදාළ තැනැත්තා තමන් කළ වරද තේරුම් ගෙන සංඝයා වහන්සේලා ඉදිරියේ වැඳ වැටී සමාව අයැද සිටියහොත්, ‘පත්තඋක්කුජ්ජන කර්මය’ (පාත්රය නැවත උඩුකුරු කිරීම) සිදු කර එම වර්ජනය ඉවත් කර නැවත ආගමික කටයුතු ඉටුකර දීමට සංඝයා වහන්සේලා කටයුතු කරති.)
🔰- මේ අතර ඔවුන් කොළඹ විහාරමහාදේවී උද්යානයේදී ‘මහසෝනා’ නාටකයක් රඟදක්වමින්, මන්තර ජප කිරීම් වැනි ශාසනික විරෝධී සහ අනවශ්ය මාධ්ය සංදර්ශනවල නිරත වීම සමාජ මාධ්ය පුරා දැඩි ආන්දෝලනයක් ඇති කළේය.
🔰- මල්වතු මහ විහාරයට පැමිණි මොහොතේ පවා තමන් කිසියම් පැමිණිල්ලක් කිරීමට පැමිණි ආකාරයකින් මාධ්ය හමුවේ ප්රකාශ නිකුත් කිරීමට සමන්ත භද්ර හිමියන් උත්සාහ කළද, මහ නාහිමියන් එම හැසිරීම් සෘජුවම ප්රතික්ෂේප කරමින්, මෙවැනි “මාධ්ය සංදර්ශන චීවරයට කිසිසේත්ම නොගැළපෙන” බවට විහාරගෙය තුළදීම දැඩි ලෙස අවධාරණය කළහ.
🔰- මේ අතර, සිදුවෙමින් පවතින මෙම බරපතළ ශාසනික අර්බුදය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීම සඳහා අදාළ සියලු භික්ෂු පාර්ශ්වයන් 23 වනදා දිනයේදී ද මල්වතු මහ විහාරයට කැඳවා ඇති බව අභ්යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.
🔰- සමන්ත භද්ර හිමියන් මල්වතු මහ නාහිමියන් සහ කාරක සංඝ සභාව ඉදිරියට කැඳවා අවවාද ලැබූ ප්රථම අවස්ථාව මෙය නොවේ.
🔰- උන්වහන්සේගේ අතීත හැසිරීම් දෙස බැලීමේදී පෙනී යන්නේ, බරපතළ චෝදනා එල්ල වන සෑම අවස්ථාවකදීම මහ නාහිමියන්ගේ පාමුල වැඳ වැටී, ලිඛිත ගිවිසුම්වලට අත්සන් තබා, පසුව නැවතත් එම ගිවිසුම් අමු අමුවේ උල්ලංඝනය කිරීම උන්වහන්සේගේ සිරිතක් බවයි.
01 – 2017 ඔක්තෝබර් 15 👉 දන්ත ධාතුවට සහ ලලාට ධාතුවට නිග්රහ කිරීම👇
🔷චෝදනාව👉 උන්වහන්සේගේ ආශ්රමයේ පැවති දේශනාවකදී බෞද්ධයන් ලලාට ධාතුව ලෙස සිප්පිකටුවකටත්, ශ්රී දන්ත ධාතුන් වහන්සේ ලෙස ඌරු දතකටත් වන්දනාමාන කරන බවට ප්රකාශ කිරීම. තවද, ධාතු කරඬුව ගඟට විසි කළ යුතු බව පැවසීම සහ තමන් ‘රහත්’ වී ඇති බවට ප්රකාශ කිරීම.
🔷 විපාකය 👉 මල්වතු කාරක මහා සංඝ සභාව උන්වහන්සේව ශාසනයෙන් නෙරපා හැරීමට තීරණය කළේය.
🔷 සමාව ගැනීම👉මහ නාහිමියන් ඉදිරියේ වැඳ වැටී සමාව ගත් උන්වහන්සේ, “සමාව ගැනීමට තමන්ට කිසිදු ලැජ්ජාවක් නැති” බව පැවසීය. එදින ලිඛිත ගිවිසුමකට අත්සන් තැබූ අතර, මහ නාහිමියන් අවධාරණය කළේ මෙය “ලබා දෙන අවසාන අවස්ථාව” බවයි.
02 – 2023 ඔක්තෝබර් 31👉 ත්රිපිටකය සහ බුද්ධ චරිතය විකෘති කිරීම👇
🔷 චෝදනාව 👉 යම් ග්රන්ථයක් උපුටා දක්වමින්, සුජාතා දේවිය සහ සිද්ධාර්ථ බෝධිසත්ත්වයන් අතර අයුතු/අපචාර සම්බන්ධයක් පැවති බවට හැඟවෙන පරිදි ප්රකාශ කිරීම.
🔷 විපාකය 👉 බෞද්ධ ජනතාවගේ දැඩි කෝපය හමුවේ මල්වතු කාරක සභාව හමුවට නැවතත් කැඳවනු ලැබීය.
🔷 සමාව ගැනීම 👉 මහ නාහිමියන්ගේ පාද නමස්කාර කොට සමාව ඉල්ලා සිටි උන්වහන්සේ, එය චේතනාන්විතව සිදු නොවූවක් බව පැවසීය. මින් ඉදිරියට මහාවිහාර සම්ප්රදායට පරිබාහිරව ධර්ම විග්රහයන් නොකරන බවට ලිඛිත සහතිකයක් ලබා දුන් බව මල්වතු ලේඛකාධිකාරී පහමුණේ ශ්රී සුමංගල හිමියෝ එදින මාධ්යයට තහවුරු කළහ.
🔰- 2013 වසරේ සිට තමන් ‘අරහත්’ භාවයට පත් වූ බව කියමින් ‘සිරි සමන්ත භද්ර’ ලෙස නම වෙනස් කරගත් පිටිදූවේ සිරිධම්ම හිමියෝ, පසුව කුරුණෑගල ප්රදේශයේ ‘උමන්දාව’ නමින් අතිවිශාල කෘෂිකාර්මික හා සංචාරක ආශ්රම ව්යාපෘතියක් ආරම්භ කළහ.
🔰- ධර්ම දේශනා වෙනුවට ව්යාපාරික වටිනාකම් සහිත වෙළඳ ප්රචාරණ, සුඛෝපභෝගී ජීවන රටාවන් ප්රදර්ශනය කිරීම සහ බෞද්ධ චාරිත්ර වාරිත්ර හෑල්ලුවට ලක් කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේට එරෙහිව බෞද්ධ සංවිධානවලින් නොනවතින චෝදනා එල්ල විය.
🔰- මේ හේතුවෙන්ම, 2024 මාර්තු මාසයේදී පහතරට භික්ෂු සංවිධානය විසින් විශේෂ ලිපියක් යොමු කරමින්, දිගින් දිගටම ශාසන විරෝධී කටයුතුවල යෙදෙන සහ ගිවිසුම් කඩකරන සමන්ත භද්ර හිමියන්ව මල්වතු පාර්ශ්වයේ ස්ථූල භික්ෂු ලියාපදිංචියෙන් සහමුලින්ම නෙරපා හරින ලෙස මහ නාහිමියන්ගෙන් නිල වශයෙන් ඉල්ලා සිටියේය.
🔰- කොතරම් වාර ගණනක් සමාව ගත්තද, නැවත නැවතත් බෞද්ධ දර්ශනයට සහ ශාසනික සම්ප්රදායන්ට හානි වන අන්දමින් කටයුතු කිරීම පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ රටාව බවට පත්ව ඇතැයි මහජනතාව සහ භික්ෂුන් වහන්සේලා චෝදනා කරති.
🔰- අද දින ලැබුණු දැඩි අවවාදයත්, 23 වනදා පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ඡාවත් හමුවේ මල්වතු මහ විහාරය මෙවර හෝ අවසාන තීරණයක් ගනිමින් උන්වහන්සේව පාර්ශ්වයෙන් නෙරපා හැරීමට කටයුතු කරයිද, නැතහොත් මෙයද තවත් එක් අවවාදයකට පමනක් සීමා වේද යන්න මුළු රටම නිරීක්ෂණය කරමින් සිටී.