“චීවරයටත් අත තබා රටේ පාලනය ඩයස්පෝරාවට කඩේ යවන අඳුරු හස්තය කාගේද?”

🔰 – මේ වෙනකොට ලංකාවේ දේශපාලන සහ සමාජ ක්ෂේත්‍රයේ යන්නේ පුදුම හඩක්, පුදුම කතාවක්.
🔰 – එක පැත්තකින් බෞද්ධ සමාජය ඇතුළේ ලොකු ආන්දෝලනයක් ඇති කරපු සිදුවීම්, තව පැත්තකින් ඓතිහාසික පාවාදීම් එක්ක මේ මුළු රටම පුදුම හස්තයකට අහුවෙලා වගේ.
🔰 – කවුද මේවගේ දේවල් පාලනය කරන්නේ?
🔰 – ඇත්තටම මේ හැම එකක්ම එකිනෙකට යදම් වැටුණා වගේ බැඳිලා තියෙනවා නේද?
🔰 – පළමුවෙන්ම, මේ දේවල් ගැන කතා කරද්දී අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රසිද්ධියේ කියපු කතාව අපි අමතක කරන්න හොඳ නැහැ. ඔහුගේ කතාවේ වචන වලින්ම කිව්වොත්👇
🗣️ “උපසම්පදා භික්ෂුවකගේ චීවරයක් එහෙම එක එක්කනට ඕන විදියට ඉවත් කරන්න බෑ.. බෞද්ධයන්ගේ විරෝධයක් බවට මේක පත් වෙලා තියෙනවා. ඉතින් ඒ විරෝදය මැඩපවත්වන්න තමයි අද ශිරන්ති රාජපක්ෂ මැතිනියව අල්ලස් හා දූෂණ කොමිසම් සභාවට අරගෙන ගිහින් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. බොදු බල සංවිධානයේ ප්‍රධාන ලේකම් හිමියන් තමයි මුලින්ම මුස්ලිම් අන්තවාදය ගැන කිව්වේ. ඉතින් උන්වහන්සේ කිව්වා දේ ගැන ඇහුවනම් ඇත්ත වශයෙන්ම එදා ඒ පාස්කු ප්‍රහාරය ඇති වෙන්නෙත් නැහැ.
🗣️ අද වෙනකොට උන්වහන්සේ අත්අඩංගුවට අරගෙන සිරකරුවෙක් කරලා, චිවරය ඉවත් කරලා තියෙනවා. එක ඉතාම භයානක දෙයක්. මොකද උපසම්පදා භික්ෂුවකගේ චීවරයක් එහෙම එක එක්කනට ඕන විදියට ඉවත් කරන්න බෑ, එකට විනය නීතියක් තියෙනවා. ඒ වගේම තමයි එක කරන්න ඕන අදාළ නිකායේ මහා නායක හිමිවරු. පාරාජිකා වුණා නම් – ඒ කියන්නේ මිනිහෙක් මරලා, ස්ත්‍රී දූෂණ කරලා, වංචා කරලා, හොරකම් කරලා තියෙනවා නම් – එහෙම පාරාජිකාවක් වෙලා නැති උපසම්පදා භික්ෂුවකගේ චීවරයක් අර විදියට අත්තනෝමතිකව අයින් කරන්න බෑ.
🗣️ අපේ 9 වන ව්‍යවස්ථාවේ පැහැදිලිව කියලා තියෙනවා බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් කියලා. ශාසනය කියන්නේ භික්ෂූන් වහන්සේලා, ත්‍රිපිටකය වගේම විනය නීතියයි. ඉතින් රජය බලයට ආපු දවසේ ඉඳන් කිසිම පොරොන්දුවක් ඉෂ්ට කරන්නේ නැතුව කළේ බෙදුම්වාදී ඩයස්පෝරාව සතුටු කරන එක විතරයි. මේ යුද්ධය ජයග්‍රහණය කරලා රටට විශාල සංවර්ධනයක් කරලා දුන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ බිරිඳට සහ පවුලට මේ විදිහට හිරිහැර කරන්නේ අන්තවාදීන් සන්තර්පණය කරන්නයි. මේක දිගටම කරගෙන යන්න බෑ, ජනතා විරෝධයක් ළඟදීම එන බව මේ රජය හොඳින් වටහා ගත යුතුයි!”
🔰- මේ හැම ප්‍රශ්නයක්ම උඩට එන්න මුල් වුණ තවත් බරපතළ කතාවක් තියෙනවා.
🔰- ඒ තමයි ප්‍රදීප් එක්නැලිගොඩ සහ ඔහුගේ භාර්යාව වන සන්ධ්‍යා එක්නැලිගොඩ සම්බන්ධ කතාව.
🔰- සමාජ මාධ්‍යවලත්, බොහෝ දෙනාගේ කතාබහටත් ලක්වන අන්දමින්, ප්‍රදීප් එක්නැලිගොඩ කියන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව රසායනික අවි පාවිච්චි කළා කියලා ජාත්‍යන්තරයට අපේ හමුදාව පාවලා දුන්න කෙනෙක් විදිහටයි හැඳින්වෙන්නේ.
🔰- කොටින්ට උදව් කළ කෙනෙකුගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ ඩයස්පෝරාව පිටුපස හංගාගෙන රටට එරෙහිව කටයුතු කරන බවටයි බෞද්ධයන් දැඩි ලෙස චෝදනා කරන්නේ.
🔰- ඉතින්, මේ රටේ රණවිරුවන්ට සහ හමුදාවට එරෙහිව ජාත්‍යන්තරය හරහා සම්බාධක ගෙන ඒමට උත්සාහ කරපු අයට එරෙහිව හඬ නගපු බො.බ.සේ. ලේකම් හිමියන්ට උසාවිය ඇතුළේදී යම් වචන මාලාවක් පාවිච්චි කරන්න සිදුවුණා:
🗣️”උඹේ මිනිහා කොටියා! උඹ ගිහින් පාරේ හිඟා කාපන්!”
🔰- ඔන්න ඔය ප්‍රකාශය නිසා තමයි උන්වහන්සේට උසාවියට අපහාස කළා කියන චෝදනාව යටතේ නඩු වැටුණේ.
🔰- එදා හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස සිටි (අද අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්) රංග දිසානායක මහතා මේකට පැමිණිලි කළා.
🔰- ඒ වගේම, අභියාචනාධිකරණ විනිසුරුවරයකු වූ (වර්තමාන අගවිනිසුරු) ප්‍රීති පද්මන් සූරසේන මහතා උන්වහන්සේට බරපතළ වැඩ සහිතව වසර 19ක සිර දඬුවමක් නියම කළා.
🔰- පසුව උන්වහන්සේට ලැබුණු ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයේදී බලරහිත කළෙත් එතුමාමයි!
🔰- අද වෙනකොට බෞද්ධ විරෝධී දායක සභාවන් මේවා දැකලා හුරේ දාලා සතුටු වුණාට, සිංහල බෞද්ධ ජනතාව තේරුම් ගන්න ඕන මේක කිසිදු අල්ලසක් හෝ වංචාවක් නිසා නොවෙයි, අන්තවාදයට එරෙහිව නැගී සිටි භික්ෂුවකට ලැබුණු අසාධාරණ විපාකයක් බවයි.
🔰- “කොටි කත දිනුවා!” කියලා අද සමහරු සතුටු වුණත්, ඉතිහාසය පුරාම රට පාවා දුන් අය සහ රට වෙනුවෙන් පෙනී සිටි අය අතර සටන මේකමයි.
🔰- මේ සිදුවීම් දිහා බලද්දී අපිට මතක් වෙන්නේ අදක ඊයෙක පටන් ගියපු දෙයක් නෙමෙයි, අපේ ඉතිහාසය පුරාම තිබුණු පාවාදීම්වල සෙවනැලි.
🔰- 1815 උඩරට රාජධානිය බිඳවැටෙන මොහොතේදී, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලාගත් අවස්ථාවේ රජුට සහ බිසෝවරුන්ට අමානුෂික ලෙස සලකන්න, ඇඳුම් ඉරා දමා ඇදගෙන යන්න ඉඩ දුන්නේ කවුද?
🔰- ඒ තමයි එක්නැළිගොඩ මහීපාල කුරුප්පු වික්‍රමසිංහ බස්නායක මුදියන්සේ හෙවත් එක්නැළිගොඩ නිලමේ.
🔰- රටේ රාජ්‍යත්වය වැටෙන වෙලාවක පෞද්ගලික වාසි වෙනුවෙන් රජුට පවා අවම ගෞරවයක් නොදී රට පාවා දුන් ඔහුට ඉංග්‍රීසීන්ගෙන් තනතුරු සහ වරප්‍රසාද ගලාගෙන ආවා.
🔰- 1818 උඩරට මහ කැරැල්ලේදී නිදහස වෙනුවෙන් නැගී සිටි තම රටවැසියන්ට එරෙහිව ඉංග්‍රීසීන් සමඟ එක්වී මිනිසුන් මරා දැමීමට, ගෙවල් ගිනි තැබීමට ඔහු කටයුතු කළා.
🔰- නමුත් ඉතිහාසයේ කටුක සත්‍යය ඒක නෙමෙයිද? විදේශීය බලයකින් හෝ පාවාදීම්වලින් ලබාගත් කිසිම වරප්‍රසාදයකට මිනිසෙකුට ඉතිහාසයේ සදාකාලික ගෞරවය මිලදී ගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ.
🔰- වයස අවුරුදු 39දී රෝගාතුරව මියගිය ඒ අඳුරු චරිතවල ඉතිහාස විනිශ්චය අදටත් එලෙසමයි.
🔰- වර්තමානයේදීත් සිදුවෙමින් පවතින්නේ එයම නොවේද?
🔰- රට පාවා දී, ඩයස්පෝරාව සතුටු කර, අන්තවාදීන්ගේ අරමුණු වෙනුවෙන් පෙනී සිටින අය අද බලය සහ වරප්‍රසාද ලබද්දී, රට වෙනුවෙන් හඬ නගන ඇතැම් දේශප්‍රේමීන් අද සිරකුටිවල හිරවෙලා.
🔰- ඒත් මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා☝️රට පාවා දී බලය ලබාගත හැකි වුවත්, කවරදාකවත් රට පාවා දීමෙන් ඉතිහාසයේ ගෞරවය ලබාගන්න බැහැ!💪

Leave a Reply

Your email address will not be published. Required fields are marked *