🔰- ඇවිල්ලා… ඇවිල්ලා… තෙල් පෝලීන් ආයෙත් ඇවිල්ලා!
🔰- මිතුරනි, සංස්ථාවේ ෂෙඩ්වලට වැඩිපුර තෙල් දෙනවා කිව්වට කොලොන්නාවෙන් එන ආරංචි අනුව ඒ ගබඩාත් හිස් වෙමින් යන්නේ.
🔰- මුදල් ගෙවා ඇත, නමුත් තෙල් එවන්නේ නැත! පහත්ගම, දොම්පේ, හංවැල්ල සහ කොළඹ ෂෙඩ් කීපයකම අද තත්ත්වය ඕකම තමයි.
🔰- රට පුරාම ෂෙඩ්වල තෙල් නැතුව මිනිස්සු පෝලිම්වල බැන බැන ඉන්න අතරේ, සමාජ මාධ්‍ය පුරාම යන්නේ තෙල් හිඟය ගැන විවිධ කතාබහ.
🔰- මාරවිල ප්‍රදේශයේ තෙල් පෝලිමකට අසූචි ප්‍රහාරයක් එල්ල වුණා කියලත් ආරංචියි.
🔰- කොට්ටාව පැත්තෙත් තත්ත්වය ඕකම තමයි.
🔰- තෙල් තියෙන ෂෙඩ් එකක් දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න, අනිත් අයටත් පෝලිමට යන්න පුළුවන්නේ!
🔰 – ඛනිජ තෙල් බෙදාහැරීම කාර්යක්ෂම කරලා, තරඟකාරීව දියුණු කරන්න කියලා ගෙනාපු IOC, RM Parks, Sinopec සමාගම් තුන දැන් තෙල් බෙදන එක සීමා කරලා.
🔰 – ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩි වෙද්දී ආණ්ඩුව දෙන සහනාධාරය මදිලු. ඒ වගේම ගණන් වැඩි කරන්න දෙන්නෙත් නැති නිසා වෙලා තියෙන ලොකු පාඩුව හින්දා උන් උන්ගේ ෂෙඩ්වලට තෙල් යවන එක අඩු කරලා තියෙන්නේ.
🔰 – මෙන්න මේ අවුල මුල් කරගෙන බලශක්ති අමාත්‍යංශයෙන් ප්‍රයිවෙට් තෙල් සමාගම්වලට ලොකු දැනුම්දීමක් කරලා තියෙනවා.
🔰 – බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහත්තයා කිව්වේ, හිඟයක් තියන්නෙ නැතුව තෙල් ටික බෙදන්න කියලත්, ඕන වෙන අවම තෙල් තොගය හරි තියාගන්න කියලත් අමාත්‍යංශ ලේකම් මගින් 06 වෙනිදා ලිඛිතවම අදාළ සමාගම්වලට දැනුම් දෙනවා කියලා.
🔰 – ඒ විතරක් නෙවෙයි, දැනට තියෙන තෙල් ප්‍රශ්නෙට විසඳුමක් විදිහට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (Cypetco) ෂෙඩ්වලට වැඩිපුර තෙල් යවන්න කියලා උපදෙස් දීලා තියෙනවලු.
🔰 – ඒ වගේම, 07 වෙනිදා බලශක්ති අමාත්‍යංශයේ කට්ටියයි, තෙල් සංස්ථාවේ නිලධාරීනුයි, ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයයි අතරේ මේ ප්රශ්නය ගැන විශේෂ කතාබහක් පවත්වන්නත් නියමිතයි.
🔰 – මේ අස්සේ, පවතින තෙල් අවුලට ඉක්මනටම විසඳුමක් දෙන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලනවා කියලා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහත්තයත් කියලා තියෙනවා.
🔰- හැබැයි මේ වෙද්දී සහනාධාර අයින් කරලා ප්රයිවට්කාරයන්ට කැමති ගානකට විකුණගනිල්ලා කියලා, සංස්ථාවේ ෂෙඩ්වල විතරක් සහනාධාර එක්ක QR එකට තෙල් දෙන එක තමයි එක විසඳුමකට පේන්නේ.
🔰- එත් ඒකත් කරන්න බෑ, කංචනලා අර කාලේ ෂෙඩ් විකුණගෙන කනකොට ගහපු ගිවිසුම් එක්ක අතපය බැඳිලානේ තියෙන්නේ.
🔰- මගී බස් රථවලටයි, අත්‍යවශ්‍ය සේවා ලොරිවලටයි විශේෂ සහනාධාරයක් දීලා, ඉතුරු ඒවට පාඩු නොලබන ගානකට තෙල් මිල වැඩි කරන එක තමයි අද විකල්පයක් විදිහට ඉතුරු වෙන්නේ.
🔰- නැතුව ඩීසල්, පෙට්‍රල්, ලාම්පුතෙල් හැම එකෙන්ම ලීටරේකට රුපියල් තිහ හතළිහට පාඩුවට විකුණන විකාරයෙන් වෙන්නේ කබලෙන් ලිපට වැටෙන එක.
🔰- ගිය සතියේ මිල වැඩි කිරීම් දැක්ක ගමන් හිතුණේ මේ පාර කවුරු දීපු ළණුවක්ද මේ ආණ්ඩුව කන්න යන්නේ කියලා.
🔰- වෙන්න බැරි ගානකටනේ ගණන් වැඩි වුණේ.
🔰- පහුවදාම සංස්ථාව කියනවා ලීටරේකින් අච්චරක් පාඩුයි, මෙච්චරක් පාඩුයි කියලා. මොන විකාරයක්ද ඒ?
🔰- තෙල් නැතිකම ජනතාවගෙන් වසන් කරන්න “සුපර්” කාණ්ඩයෙන් ඩීසල් සහ පෙට්‍රල් ෂෙඩ්වල රඳව ගන්න ආණ්ඩුව කටයුතු කරනවා.
🔰- හැබැයි ඉතින් ඕවා ගහලා හයර් යන එකාගෙයි, අතින් කාලා අනුන්ගේ හරක් බලන එකාගෙයි ලොකු වෙනසක් නැහැ.
🔰- ජනාධිපති අනුර කුමාර මහත්තයා හොඳ වුණත්, මේ වටේ ඉන්න මැති ඇමති ගෝලයෝ රොත්තටම නම් කරන්න පුළුවන් ලොකු පෙරළියක් නැහැ.
🔰- කොටින්ම රණිල් කරපු ටිකවත් කරගන්න අදටත් මාලිමාවන්ට අමාරුයි වගේ.
🔰- හැබැයි එකක් පැහැදිලියි, එදා වගේ රට ඇනෙන්නේ නැත්තේ, එදා රට අවුල් කළ මාලිමාවෝ අද පාලනයේ ඉන්න නිසා මිසක් රටේ ප්‍රශ්න නැති නිසා නෙමෙයි.
🗣️”ලෝක වෙළඳ පොළේ තෙල් මිල ඉහළ පහළ යනකොට, ඒක දරාගන්න බැරිනම් ඒවා ආණ්ඩුද?” කියලා අනුර ඇහුවා මතකද? ඔව්, රටක බලශක්තිය කියන්නෙ එහෙම වෙනස් වෙන්න බැරි, ඉතාම ස්ථාවරව පවත්වාගන්න ඕන දෙයක්.
🔰- මොනවා උනත් මේ වෙලාවේ කරන්න පුළුවන් එකම දේ, පහසුකම් හැදෙනකන් මිල වෙනුවෙන් සහනාධාරයක් දෙනවා වගේම පවතින සංචිත මහජනතාව අතර සදාරනව් බෙදී යාහැකි ක්‍රමයක් නිර්මාණය කිරීමයි..