අනේ අපිට බෙහෙත් දෙන්න…” අපේක්ෂා රෝහල මිනිස්සුන්ගෙන් උදවු ඉල්ලනතෙක් රජය නිදිද?👇

🔰- අපි පුංචි කාලේ ඉඳන්ම අහලා තියෙන, දැකලා තියෙන නමක් තමයි මහරගම ‘අපේක්ෂා’ රෝහල.

🔰- ඒක නිකන්ම රෝහලක් නෙවෙයි, ජීවිතයේ අන්තිම බලාපොරොත්තුව, හුස්ම ටික රඳවාගන්න දහස් සංඛ්‍යාත මිනිස්සු පෝලිම් ගැහෙන භූමියක්.

🔰- ඒත්, අද ඒ අපේක්ෂා රෝහලේ කොරිඩෝවන් දිගේ ඇහෙන්නේ මාරයාගේ අඩිය තබන ශබ්දයට වඩා, අහිංසක රෝගීන්ගේ වේදනාවෙන් පිරුණු සුසුම් හඬයි.

🔰- රජයේ වගකීම සහ බලධාරීන්ගේ පැහැරහැරීම හමුවේ, අද මේ අහිංසක මිනිසුන්ගේ ජීවිත බේරගන්න තියෙන බෙහෙත් ටික නැතුව, හුස්ම පොද හිරවෙන බිහිසුණු තත්ත්වයක් උදා වෙලා තියෙනවා.

🔰- අපේක්ෂා රෝහල සාමාන්‍ය ජනතාවගෙන් සහ දානපතියන්ගෙන් හිඟමනට වගේ උදව් ඉල්ලන තෙක් රටේ බලධාරීන් සහ රජය නින්දේ පසුවන්නේදැයි අද මුළු රටම ප්‍රශ්න කර සිටිනවා.

🔰- වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා දැඩි වේදනාවෙන් යුතුව හෙළිදරව් කරන්නේ මේ කටුක යථාර්ථයයි.

🔰- පිළිකා රෝගීන් වෙනුවෙන් නිරන්තරයෙන්ම අවශ්‍ය වන ජීවය රැකදෙන ඖෂධ සහ අත්‍යවශ්‍ය ශල්‍ය උපකරණවල බරපතළ හිඟයක් අද මහරගම අපේක්ෂා රෝහල තුළ මතුව තිබෙනවා.

🔰- රෝගියකුගේ ජීවිතයයි මරණයයි අතර තීන්දුව දෙන මොහොතක, අතේ සතයක් නැති, බෙහෙතක් හොයාගන්න බැරි අසරණ මව්වරුන්, පියවරුන් සහ දරුවන් අද අන්ත අසරණ වෙලා.

🔰- විශේෂයෙන්ම, රෝගීන්ගේ ජීවිත වලට අත්‍යවශ්‍ය වන කොලස්ටමි බෑග් (Colostomy Bags) පවා රෝහල තුළ හිඟවීම නිසා ඔවුන් මුහුණපාන අමාරුව වචනවලට හරවන්න බැහැ.

🔰- පිළිකාවත් එක්ක සටන් කරන මිනිස්සුන්ට රජයේ මේ අතපසුකම මාරක පහරක් වෙලා.

🔰- රෝගී ප්‍රතිකාර කටයුතු අඛණ්ඩව, බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මහරගම අපේක්ෂා රෝහල් බලධාරීන් දැන් රටේම දානපතියන්ගෙන්, සංවිධානවලින් සහ මනුෂ්‍යත්වයට ආදරය කරන හැම කෙනෙක්ගෙන්ම කඩිනමින් ඉල්ලා සිටින්නේ මේ අත්‍යවශ්‍ය ඖෂධ සහ ද්‍රව්‍ය පරිත්‍‍යාග කරන ලෙසයි.

🔴- රෝහල විසින් ප්‍රකාශයට පත් කර ඇති අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුව මෙන්න👇

🔷 – Tigecycline 50mg එන්නත්

🔷 – Methotrexate 500mg එන්නත්

🔷 – Fluorouracil 1g එන්නත්

🔷 – Methotrexate 2.5mg පෙති

🔷 – Voriconazole 200mg පෙති

🔷 – Chlorambucil 2mg කරල් (කැප්සියුල්)

🔷 – මීට අමතරව, වැඩිහිටි රෝගීන් සඳහා අත්‍යවශ්‍ය වන Colostomy Bags සහ Plates ද වහාම ලබා දෙන ලෙසයි බලධාරීන් ඉල්ලා සිටින්නේ.

🔰- මෙම පුණ්‍යකර්මයේදී රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් රෝහල් පාලනාධිකාරිය විසින් යම්කිසි කොන්දේසි කිහිපයක් ද පෙන්වා දී තිබෙනවා..

🔰- පරිත්‍යාග කරනු ලබන සියලුම ඖෂධ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය ලත් ඒවා විය යුතුය.

🔰- අදාළ ඖෂධ සඳහා වන මුල් ඉන්වොයිසි (Original Invoices) ද ඒ සමඟ ඉදිරිපත් කළ යුතුය.

🔰- රජය සහ බලධාරීන් තම වගකීම් පැහැර හරිද්දී, මනුෂ්‍යත්වය තවමත් ලෝකයේ ඉතිරිව තිබෙනවා නම් එය පෙන්විය හැකි කදිම අවස්ථාවක් මෙයයි.

🔰- ඔබගේ කුඩා පරිත්‍යාගයකින් හෝ මහරගම අපේක්ෂා රෝහලේ ඇඳක් මත මරණයත් සමඟ සටන් කරන අහිංසක මිනිසෙකුට තවත් දවසක්, තවත් හුස්මක් ඉතිරි කර දෙන්න පුළුවන්.

🔰- මෙම ඖෂධ සහ ශල්‍ය පරිභෝජන ද්‍රව්‍ය පරිත්‍යාග ලෙස භාරගැනීම පහත සඳහන් වේලාවන් තුළ සිදු කෙරේ..👇

🔷- සතියේ දිනවල 👉 පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා

🔷- සෙනසුරාදා දිනවල 👉 පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්වා

🔴- හෙට දවසක තවත් ජීවිතයක් බේරාගැනීමේ පිනට අත්වැල් බැඳගන්න, අදම මහරගම අපේක්ෂා රෝහලට ඔබේ දායකත්වය ලබා දෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *