නීතියේ රැහැනට මුහුණ දීමට ඔන්න මෙන්න කියා තිබියදී… ශිරන්තිගෙන් සිංගප්පූරු චාරිකාවක්!

🔰 – නීතිය හමුවට පැමිණීමට ඔන්න මෙන්න කියා තිබියදී, දේශපාලන ලෝකයේ ප්‍රභූවරුන්ට වැළඳෙන අද්භූත රෝග සහ ඒ හා බැඳුණු හදිසි විදේශ ගමන් පිළිබඳ කතාවට තවත් අලුත්ම පියවරක් එකතු වී තිබේ.

🔰 – ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ලබන 24 වනදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටීමට නියමිතව තිබියදී, 16 අලුයම 01.10 ට SQ-469 දරන සිංගප්පූරු ගුවන් යානයෙන් හදිසියේම දිවයිනෙන් පිටත්ව යෑමත් සමඟය.

🔰 – ඇය සමඟ මෙම ගමනට රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දණිය වන ඈන් ද ලිවේරා මහත්මිය ද එකතු වී සිටීම විශේෂත්වයකි.

🔰 – ආරංචි මාර්ග කියන්නේ ඇය මෙලෙස විදේශගත වූයේ “හදිසි සැත්කමක්” සඳහා බවයි.

🔰 – 15 වනදා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් නිසා කොළඹ පෞද්ගලික රෝහලකට ද ඇතුළත් කර තිබූ ඇයට, මීට පෙර ද සිදුකළ හෘද සැත්කමකින් පසු සති කිහිපයක “පූර්ණ ඇඳ විවේකය” නිර්දේශ කර තිබුණි.

🔰 – පුදුමයකට මෙන්, එම පූර්ණ ඇඳ විවේකය තිබියදීත් පොලීසියට ගොස් ප්‍රකාශ ලබාදීම සෞඛ්‍යයට අගුණ වුවත්, සිංගප්පූරුව තෙක් ගුවන් යානයකින් පියඹා යෑමට එම අසනීප තත්ත්වය බාධාවක් නොවීම අරුමයකි.

🔰 – මේ නිසා පොලීසියට ඇගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමේ කටයුතු ද පසුපසට තල්ලු විය.

🔰 – මෙම සියලු “හදිසි සෞඛ්‍ය ගැටලු” පිටුපස ඇත්තේ නීතිපතිවරයාගේ උපදෙස් මත FCIDය සහ අල්ලස් කොමිසම මගින් සිදුකිරීමට නියමිතව තිබූ තදබල විමර්ශන කිහිපයකි.

🔰 – එහි ප්‍රධානම තැනක් ගන්නේ ශිරන්ති රාජපක්ෂ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ ‘සිරිලිය සවිය’ සංවිධානයේ අරමුදල් ගිණුමේ සිදුවූවා යැයි කියන රුපියල් මිලියන 10ක (කෝටියක) මූල්‍ය අක්‍රමිකතාවයි.

🔰 – කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් (NSB) ලබාගත් රුපියල් කෝටියක මුදලක් ‘සිරිලිය සවිය’ ගිණුමට බැර කරමින් අවභාවිත කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

🔰 – වඩාත්ම හාස්‍යජනක කරුණ වන්නේ, අදාළ ස්කෑනර් යන්ත්‍රය චීන රජය විසින් නොමිලේ ලබා දී තිබියදීත්, බැංකුවෙන් ලබාගත් මෙම මුදල් සංවිධානයේ ලිඛිත ඉල්ලීමකට අනුව මරදාන සහ සුදුවැල්ල ශාඛාවල පවත්වාගෙන ගිය ගිණුම් වෙත හුවමාරු කර වෙනත් කටයුතු සඳහා යොදාගෙන ඇති බව බැංකු නිලධාරීන්ම අනාවරණය කර තිබීමයි.

🔰 – යහපාලන රජය සමයේ ආරම්භ වූ මෙම රුපියල් කෝටියේ අභිරහස පිළිබඳව මීට පෙර ද පැය හතරකට අධික කාලයක් ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රශ්න කර තිබුණි.

🔰 – ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ මෙහෙයවීමෙන් විමර්ශන යළි රත්වෙමින්, ලබන 24 වැනිදාට නැවත කැඳවීම් ලැබෙද්දී, සිරිලිය සවියේ මුලසුන හෙබවූ ශිරන්ති රාජපක්ෂ මෙලෙස රට හැර දා ගොස් ඇත..

🔰 – නීතිය හමුවට පැමිණීමට තිබෙන දින ආසන්න වන විට මෙලෙස විදේශගත වීම සහ අසනීප වීම් සිදුවීම, ලංකාවේ ප්‍රභූ දේශපාලන නාට්‍යවල තවත් එක් සාමාන්‍ය ජවනිකාවක් බවට පත්ව තිබීම නම් පුදුමයක් නොවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *