🔰 – දකුණු කොරියාවේ අහිංසක සුනඛයන් දහස් ගණනකගේ ජීවිත බිලිගන්නා අමානුෂික බලු මස් වෙළඳාමට තිත තබන 2027 පෙබරවාරි තහනමට පෙර, නීත්‍යානුකූලව බලු මස් විකුණන අන්තිම කාල සීමාව මේ දවස්වල ගෙවී යමින් පවතිනවා.
🔰 – සත්ව හිංසනයට එරෙහිව හඬනගන, සතුන්ට ආදරය කරන ලෝකය පුරා ඉන්න ලක්ෂ සංඛ්‍යාත ජනතාවට මේක ලොකු ජයග්‍රහණයක් වුණත්, තවමත් ඒ අහිංසක සතුන්ගේ මස් අනුභව කරන්න පොරබදින පිරිසක් දැක්කාම ඇතිවන්නේ ලොකු පිළිකුලක් සහ කෝපයක්.
🔰 – හිටපු ජනාධිපති යූන් සුක් යෝල් සහ ඔහුගේ බිරිඳ කිම් කියොන් හි මහත්මියගේ ප්‍රධාන මැදිහත්වීම මත, 2024 ජනවාරි මාසයේදී දකුණු කොරියානු පාර්ලිමේන්තුව මගින් මෙම ඓතිහාසික පනත සම්මත කළා.
🔰 – ඒ අනුව, මිනිස් පරිභෝජනය සඳහා බල්ලන් ඇතිකිරීම, මැරීම, බෙදාහැරීම සහ විකිණීම නීතියෙන්ම තහනම් වෙනවා.
🔰 – වෙළෙන්දන්ට සහ ගොවිපළවල්වලට වෙනත් රක්ෂාවලට මාරු වෙන්න අවුරුදු 3ක සහන කාලයක් දීලා තියෙනවා.
🔰 – නමුත් 2027 පෙබරවාරි සිට මෙම නීතිය කඩකරන ඕනෑම අයෙකුට වසර ගණනාවක සිරදඬුවම් සහ අධික දඩ මුදල් ගෙවීමට සිදුවනු ඇති.
🔰 – 90%කට වඩා වැඩි පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ තමන් ඉදිරියට කිසිදා බලු මස් අනුභව නොකරන බවයි.
🔰 – 95%ක්ම පසුගිය වසර පුරා බලු මස් අනුභව කර නැත.
🔰 – 80%කට අධික ජනතාවක් මෙම තහනම සම්පූර්ණයෙන්ම අනුමත කරයි.
🔰 – දකුණු කොරියාවේ නූතන තරුණ පරම්පරාව සතුන්ව තමන්ගේම පවුලේ සාමාජිකයන් මෙන් ආදරයෙන් හදාගනිද්දී, තවමත් ඇතැම් වයසක පිරිස් සහ මිත්‍යා මතවල එල්බගත් අය “ඇඟට ශක්තිය එනවා” කියන මිත්‍යාව පස්සේ යමින් කිලෝමීටර් ගණන් දුර ගෙවාගෙන ඇවිත් බලු මස් හොයන එක සත්ව ලෝලීන්ගේ දැඩි කෝපයට හේතු වී තිබෙනවා.
🔰 – අවුරුදු ගාණක් තිස්සේ බලු මස් කෑ යූ ජින්-සම් වැනි අය “මිනිස්සු මේවා කන්නේ සෞඛ්‍යයට හොඳ නිසයි, දැන් ඒක නැති කරන එක ගැන කණගාටුයි” කියමින් රොයිටර් පුවත්පතට අදහස් දක්වා තිබුණා.
🔰 – මිනිසෙකුට පක්ෂපාතීව හිඳින අහිංසක සතෙකුගේ ජීවිතය බිලිදී තමන්ගේ සෞඛ්‍යය ගැන විතරක් හිතන මෙවැනි ආත්මාර්ථකාමී අදහස් හමුවේ සත්ව ලෝලීන් අසන්නේ “තමන්ගේ ආසාවන් සහ මිත්‍යාවන් වෙනුවෙන් අසරණ සතෙකුගේ ජීවිතය අමානුෂික ලෙස බිලිදීම කොතරම් සාපරාධීද?” යන්නයි.
🔰 – රජයේ වාර්තාවලට අනුව මෙම නීතිය නිසා ආයතන සහ කඩ 5,600කට ආසන්න ප්‍රමාණයකට බලපෑම් එල්ල වුවත්, සත්ව හිංසනයෙන් තොර කරුණාවන්ත ලෝකයක් වෙනුවෙන් තැබූ මෙම පියවර අතිශය අගය කළ යුත්තකි.