🔰- පවුලේ හැමෝම එකතු වෙලා රෑට ටීවී බලන කාලෙක, අඟුරුවාතොට උඩුවර පැත්තේ පවුලක් නම් ටිකක් වෙනස් විදියේ “ෆැමිලි ගේම් නයිට්” එකක් දාන්න ගිහින් වැඩේ වරද්දාගෙන තිබෙනවා.
🔰- 77 හැවිරිදි උද්යෝගිමත් ආච්චි අම්මා කෙනෙක්, ඇගේ මිණිබිරියන් දෙදෙනා සහ අසල්වැසියෙක් එකතු වෙලා මුදලට බූරුවා ගසමින් සිටියදී පොලිසියට මාට්ටු වෙලා.
🔰- මේ පවුලේ සුදූ කෙළියට තීන්දුව ලබාදුන් හොරණ ප්රධාන මහේස්ත්රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය, සැකකරුවන් හතරදෙනාට මාස තුනක අත්හිටවූ සිර දඬුවම් නියම කළාය.
🔰- ඊට අමතරව, ඔවුන්ට පැය 50 බැගින් වූ ප්රජා සේවයක නිරත වීමට සිදු වන අතර, විශේෂත්වය වන්නේ එම ප්රජා සේවය ගමේ පන්සලේදී සිදු කිරීමට අධිකරණය නියෝග කිරීමයි.
🔰- අඟුරුවාතොට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ඉකුත් 06 වැනිදා සිදුකළ මෙම වැටලීමේදී, පොලිසිය දකිනවාත් එක්කම එතන සිටි තවත් පිරිසක් පැනගොස් ඇත.
🔰- එලෙස පලාගිය එක් අයෙකුට වැටීම්-තැලීම් නිසා හිසට මැහුම් 4ක්ම දාන්න සිදු වූ බව පොලිසිය උසාවියට පවසා තිබේ.
🔰- තවත් රසවත් කතාවක් වන්නේ, මොවුන්ව අත්අඩංගුවට ගත් පසු අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපතිතුමා මොවුන්ගේ “හැසිරීම් රටාව යහපත් කිරීමට” සූදු කාරයන්ට පොලිසිය ඇතුළේදීම බණ ධර්ම දේශනයක් ශ්රවණය කිරීමට සැලැස්වීමයි.
🔰- ආච්චිටයි මිණිබිරියන්ටයි ගෙදරදී බූරුවා ගහලා, පොලිසියෙන් බණ අහලා, අවසානයේ පන්සලේ ප්රජා සේවය කරන්නත් සිද්ධ වුණු අපූරු සිදුවීමක් ලෙස මෙය වාර්තා වෙනවා.