වැඩි වැඩියෙන් ළමයි හැදුවොත් රජයෙන් සම්මානයි, බදු සහනයි? මෙන්න මරු අදහසක්!”

“වැඩි වැඩියෙන් ළමයි හදන එක අගය කරන්න විතරක් නෙවෙයි, ඒකට සම්මාන පවා දෙන්න ඕනේ!” මෙහෙම කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා. 10 වනදා පාර්ලිමේන්තුවේදී ඔහු අපූරු වගේම හැමෝටම හිතන්න කතාවක් කළා.

මන්ත්‍රීවරයා කියන විදිහට ලංකාවේ දරු උපත් සෑහෙන්න අඩු වෙලා.

ඒකට හේතු ලැයිස්තුවකුත් ඔහු ඉදිරිපත් කළා👇

🔷 – කට්ටිය විවාහ වෙන්නේ වයසට ගිහිල්ලා.

🔷 – සමහරු කසාද බඳින්නෙම නැහැ, බැඳපු අයත් ඩිවෝස් වෙනවා.

🔷 – බඩු මිලයි, ජීවන වියදමයි අහස උසට. “ළමයි හදන්න සල්ලි කෝ?” කියලා සමාජයේ මතයක් තියෙනවා.

🔷 – කොවිඩ්වලින් කාපු කෑමයි, තරුණ තරුණියන් රට දාලා යන එකයි තවත් හේතු.

මේක මෙහෙම ගියොත් ඉස්සරහට රටේ වැඩක් පලක් කරගන්න තරුණයෙක් හොයාගන්න නැති වෙනවලු!

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ දැනටමත් රටේ තියෙන පාසල් 10,000 ට සහ විශ්වවිද්‍යාල පද්ධතියට ගැලපෙන තරම් ළමයි ඉස්සරහට ඉතුරු වෙන්නේ නැති වෙයි කියලා.

දැනටමත් සාමාන්‍ය විද්‍යාවේදී සහ ශාස්ත්‍රවේදී උපාධිවලට ළමයි හිඟ වෙලාලු.

ලෝකයේ අනිත් රටවල් මේ වගේ ප්‍රශ්න විසඳපු ක්‍රම කිහිපයක්ම මන්ත්‍රීවරයා ලංකාවටත් යෝජනා කරනවා👇

ළමයි ඉන්න පවුල්වලට ආදායම් බදු අඩු කරන්න ඕනේ. සුදුසුකම් ලත් පවුල්වලට ළමයෙක් හම්බුනාම රජයෙන් මුදල් ආධාර දෙන්න ඕනේ.

ළමයෙක් ලැබුනම අම්මට විතරක් නෙවෙයි, තාත්තටත් නිවාඩු දෙන්න ඕනේ. දෙන්නම එකතු වෙලා ළමයා බලාගන්න එක දිරිමත් කරන්න රජය උදව් කරන්න ඕනේ.

ඩේ-කෙයාර් (Daycare) සහ පෙරපාසල් වියදම් අඩු කරන්න විශේෂ වැඩපිළිවෙළක් ඕනේ.

තරුණ පවුල්වලට නිවාස ණය දෙනකොට, දරුවන් වැඩි වෙන්න වැඩි වෙන්න ණය පොලිය අඩු කරලා සහන දෙන්න ඕනේ.

“වැඩි වැඩියෙන් දරුවන් ලැබීම අගය කළ යුතු, ප්‍රවර්ධනය කළ යුතු සහ සම්මාන දිය යුතු වැඩක් බවට පත් කරන්න ඕනේ!” – මන්ත්‍රී අජිත් පී. පෙරේරා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *