ලංකාවේ නීතිය හැමෝටම එක හා සමානයි කියලද හිතුවේ? නෑ… සමහරුන්ට නීතිය “රබර් බෑන්ඩ් එකක්” වගේ තමන්ට ඕන විදිහට ඇදගන්න පුළුවන්.
මේ කියන්න යන්නේ රටම කැලඹූ, නාවික හමුදාවේ ඉහළම පුටුවක් හොබවපු ‘ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට්’ වසන්ත කරන්නාගොඩ මහතා අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට පත්වී, පසුව ඇප මත නිදහස් වීමේ ඇතුළු පැති කතාවයි.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට 2006 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක ශිෂ්‍යභට අංශයට එනම් Executive Cadet එකට ඇතුළත් වීමට අවශ්‍ය අවම සුදුසුකම්වත් තිබුණේ නැහැ.
විධායක ශිෂ්‍යභට අංශයට බැඳෙන්න නම් සාමාන්‍ය පෙළ (O/L) සිංහල විෂයට සම්මාන (C) සාමාර්ථයක් තිබිය යුතුමයි. යෝෂිතගේ සුදුසුකම වී ඇත්තේ සාමාන්‍ය (S) සාමාර්ථයක් විතරයි!
එවකට නාවික හමුදාපති වූ වසන්ත කරන්නාගොඩ, යෝෂිතව කෙසේ හෝ බඳවා ගැනීම සඳහා ගැසට් සහ පුවත්පත් දැන්වීම්වල තිබූ බඳවා ගැනීමේ නිර්ණායක දෙවතාවක්ම වෙනස් කර තිබෙනවා!
අනෙක් හැම අයදුම්කරුවෙකුගේම අධ්‍යාපන සහතික විභාග දෙපාර්තමේන්තුවට යවා සහතික කර ගත්තත්, යෝෂිත රාජපක්ෂගේ සහතික පරීක්ෂාවට ලක් කර නැහැ!
මීට අමතරව, සාමාන්‍ය ක්‍රියාපටිපාටිය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කරමින්, ඔහුව බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ (Dartmouth) ඉතා ඉහළ වටිනාකමකින් යුත් පුහුණු පාඨමාලාවකට යොමු කිරීමටද කරන්නාගොඩ කටයුතු කර තිබෙනවා. මෙන්න මේ “අල්ලස් හා දූෂණ” චෝදනාව උඩ තමයි ඔහුව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ගත්තේ.
අධිකරණයේදී කරන්නාගොඩ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා අපූරු තර්කයක් ඉදිරිපත් කර තිබෙනවා.
🗣️ “ස්වාමිනි, ඒ දවස්වල යුද්ධය පැවති සමය නිසා හමුදාවට බැඳෙන පිරිස සීමිතයි. රටේ ජනාධිපතිවරයාගේ පුතා හමුදාවට බැඳෙන එක, රටේ අනෙක් දෙමාපියන්ට තමන්ගේ දරුවන් හමුදාවට බැඳීමට ලොකු උත්තේජනයක් (Motivation) සපයන නිසයි මේ බඳවා ගැනීම සිද්ධ කළේ…”
(හැබැයි ප්රශ්නය තියෙන්නේ, උත්තේජනය දෙන්න ආපු ‘කුමාරයා’ වෙනුවෙන් නීති රීති සහ සුදුසුකම් වෙනස් කරපු එක ගැනයි! 🤫)
අල්ලස් කොමිසම පැවසුවේ විමර්ශන අවසන් අදියරේ පවතින බැවින් සැකකරුට ඇප දීමට විරුද්ධ වන බවයි. නමුත් කරන්නාගොඩ මහතා කූඩුවෙන් බේරෙන්න පාවිච්චි කළ අවසන් තුරුම්පුව වුණේ තමන්ගේ බිරිඳගේ අසනීප තත්ත්වයයි.
🗣️ නීතිඥවරයා – “මේ සැකකරු විවාහකයි, දරුවන් නැහැ. ඔහුගේ බිරිඳ දැඩි ලෙස අසාධ්‍යව රෝගීව ඉන්නේ. මොහුව රිමාන්ඩ් කළොත් ඇයව බලාගන්න පවුලේ කවුරුත් නැති වෙනවා. ඒ නිසා ඇප දෙන්න…”
අවසානයේ සියලු කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත කරන්නාගොඩව මුදාහැරීමට නියෝග කළා. හැබැයි විදේශ ගමන් තහනමක්ද පනවා තිබෙනවා.
වසන්ත කරන්නාගොඩට එරෙහිව තියෙන්නේ මේ අල්ලස් චෝදනාව විතරක්ම නෙවෙයි.
🔴- ඔහු නාවික හමුදාපතිව සිටි සමයේ, කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් තරුණයන් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස්, ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ ‘ගන්සයිට්’ (Gunsite) නම් රහසිගත රැඳවුම් ස්ථානයක සිරකර තබාගෙන පසුව ඝාතනය කිරීමේ දරුණු අපරාධය සම්බන්ධයෙන්ද ඔහුට මීට පෙර බරපතළ චෝදනා එල්ල වුණා.
සාමාන්‍ය මිනිහෙක් O/L එක විෂයක් ෆේල් වුණොත් රජයේ සුළු රැකියාවකටවත් ගන්නැති රටේ, ලොක්කන්ගේ දරුවන්ට O/L සුදුසුකම් නැතිවෙද්දී මුළු හමුදාවේම නීති වෙනස් කරන එක සාධාරණද?