“මාව මරන්න බෑ, මට ලොකු සෑයේ සපෝට් එක තියෙනවා” – ලේ හැලුනු තැනම ජනපති ආර්යාවගේ දුරකථන ඇමතුමෙන් හාමුදුරුවෝ ‘ෆෝම්’ වෙති!

🔰- අනුරාධපුර පූජා භූමියේදී තමන්ට එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව, මරණයේ දොරටුව දක්වා ගොස් රුවන්වැලි මහා සෑයේ ‘විශේෂ අනුග්‍රහයෙන්’ යන්තමින් ජීවිතය බේරාගත් බව කියන රාජාංගණයේ සද්ධාරතන හිමියෝ යළිත් වරක් යූටියුබ් නාලිකාව ඔස්සේ රටම මවිත කරවන සුපිරි ප්‍රකාශයක් සිදු කර ඇත.

🔰- ප්‍රහාරයෙන් සුෂුම්නාව බේරී ගෙල ප්‍රදේශයට පාර වැදුණු නිසා තමන්ට තවමත් ජීවත් වීමට වාසනාව ලැබී ඇති බව පවසන උන්වහන්සේ, කෑලි කෑලිවලට කැපුවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ‘Clean Sri Lanka’ වැඩපිළිවෙළ වෙනුවෙන් දිවි පුදන්නට සූදානම් බව ප්‍රකාශ කර සිටියි.

🗣️”මාව මරන්න බෑ, මට රුවන්වැලි සෑයේ ස්පෙෂල් බැක්‌අප් එකක් තියෙනවා!”

🔰- තමන්ට පොලු පහරවල් එල්ල කර ලේ හැලූ අයට දැඩි ලෙස අභියෝග කරන සද්ධාරතන හිමියන් පවසන්නේ, ඔවුන් පහර දුන්නේ කෙළින්ම සුෂුම්නාවට වුවද, මහා සෑයේ ආශිර්වාදය නිසා තමන් මරණයෙන් බේරුණු බවයි.

🔰- ලේ හැලෙන අතරතුර තමන්ව බේරා ගැනීමට පැමිණි ‘කොන්ද පණ ඇති දේශප්‍රේමී ජනතාවට’ ප්‍රශංසා කරන උන්වහන්සේ, ස්වභාවධර්මය පවා තමන් වෙනුවෙන් පෙනී සිටි බව හැඟීම්බරව සිහිපත් කරයි.

🔰- වත්මන් රජයට සහ ජනාධිපතිවරයාට කඩේ යමින් උන්වහන්සේ සඳහන් කළේ, වත්මන් නායකයා පන්සිල් පද පහම රකින “නියම බෞද්ධයෙක්” බවයි.

🔰- හිටපු ජනාධිපතිවරුන් සහ දේශපාලඥයන් මත්පැන් පානය කරන්නන් සහ පාතාලය නඩත්තු කළවුන් ලෙස හඳුන්වමින්, තමන්ට විරුද්ධ වන අයට “නිරාගමික” ලේබල් අලවන අයටද උන්වහන්සේ අනතුරු ඇඟවීමක් කළහ.

🔰- රජයට එරෙහිව කටයුතු කරන බලංගොඩ කස්සප, ඉත්තෑකන්දේ, උලපනේ සහ මිහින්තලේ වැනි හිමිවරුන්ට අනතුරු අඟවන රාජාංගණයේ හිමියන්, මහානායක හිමිවරුන්ට ශාසනය පිරිසිදු කළ නොහැකි නම් එම වගකීම තමන්ට භාරදෙන ලෙස අභියෝග කර සිටියි.

🔰- උලපනේ හිමියන්ගේ මුහුණෙන් කසිප්පු බෝතලයක සුවඳ එන බවට උපහාස කරන උන්වහන්සේ, මිහින්තලේ හාමුදුරුවන්ටද “රජමහා විහාරාධිපතිකම ඉවර කරලා හොස්පිට්ල් යන්න වෙයි” යැයි අනතුරු අඟවයි.

🔰- පසුගිය කාලයේ ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු පිරිසක් තමන්ව නායකත්වයෙන් හා නිකායෙන් නෙරපා දැමුවද, රුවන්වැලි සෑයේ නායක හිමියන් සහ වැඩබලන අටමස්ථානාධිපති හිමියන් තමාව “දරුවෙකු මෙන්” තුරුළු කරගෙන රැකබලා ගත් බව උන්වහන්සේ කඳුළු සලමින් සිහිපත් කළහ.

🔰- තමන්ට කිසිදු පෞද්ගලික ධනයක් හෝ බැංකු ගිණුමක සතයක්වත් නැති බවත්, තමන් යැපෙන්නේ මහා සෑයට බැතිමතුන් දමන පඬුරු වලින් පමණක් බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

🔰- මෙම සියලු ප්‍රහාර මැද, රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජනාධිපති ආර්යාව තමන්ට දුරකථනයෙන් කතා කර දුක සැප බැලීම තමන් කිසිසේත් අපේක්ෂා නොකළ දෙයක් බව උන්වහන්සේ ආඩම්බරයෙන් ප්‍රකාශ කළහ.

🔰- “පැලවත්තෙන් ප්ලාන්ට් කරා” යැයි කවුරු කීවත්, ජනාධිපති පින්වත් ආර්යාව තමන්ට කෝල් කර සෙත් පැතීම ගැන උන්වහන්සේ උන්මාදයට පත්වී ඇත.

🔰- මීට අමතරව අමාත්‍යවරුන් වන වසන්ත සමරසිංහ සහ නාමල් කරුණාරත්න යන මහත්වරුන්ද රෝහලෙන් තොරතුරු විමසා ඇති අතර, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු ආරක්ෂක අංශවල සහයෝගයද උන්වහන්සේගේ පැසසුමට ලක්විය.

🔰- කෙසේ වෙතත්, දිලිත් ජයවීර මහතාට සහ ඇතැම් රූපවාහිනී නාලිකාවලට දැඩි ලෙස දෝෂාරෝපණය කළ සද්ධාරතන හිමියන්, ඔවුන් හොරුන් සහ දූෂිතයන් රකින බවට චෝදනා කළහ.

🗣️”ගෝඨාට වෙච්ච දේ තොපිටත් වෙයි!”

🔰- තම ප්‍රකාශය අවසන් කරමින් සද්ධාරතන හිමියන් කියා සිටියේ, රට හැදුනට පසු තමන් මැරුණත් කමක් නැති බවයි.

🔰- එහෙත් ආණ්ඩුවට එරෙහිව කටයුතු කරමින් රට වනසන්නට හැදුවහොත්, “ගෝඨාට වෙච්ච දේ තමයි තොපිටත් වෙන්නේ” යැයි පවසමින් විරුද්ධවාදීන්ට අන්තවාදී තර්ජනයක් එල්ල කරමින් උන්වහන්සේ සිය කතාව අවසන් කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *