“කළගුණ නොදත් ජාතියක්! මහින්දගේ ලෙඩේ විකුණන් කන උන්ට මනෝජ්ගෙන් සැර ප්‍රහාරයක්!”

🔰 – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අසනීප වී අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර ඇති බවටත්, ඔහු මානසිකව වැටී සිටින බවටත් සමාජ මාධ්‍ය පුරා ලැව් ගින්නක් සේ පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත ගොසිප් බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසනවා.

🔰 – මහින්ද රාජපක්ෂ මහතා රෝහල්ගත කළ බව සත්‍යයක් වුවත්, එය හදිසි අසාධ්‍ය තත්ත්වයක් නිසා සිදුවූවක් නොවන බවයි ඔහු අවධාරණය කරන්නේ.

🔰 – 12වනදා කොළඹ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නීතිඥ මනෝජ් ගමගේ මහතා කියා සිටියේ, වයසත් එක්ක කෙරෙන සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණ සහ චෙක්-අප් (check-ups) සඳහා පමණක් මහින්ද රාජපක්ෂ මහතාව මෙලෙස රෝහලට ඇතුළත් කළ බවයි.

🔰 – දේශපාලන ක්ෂේත්‍රයේ සහ සමාජ මාධ්‍යවල පැතිරෙන අසත්‍ය ප්‍රචාර පිටුපස යම් කිසි දේශපාලන හස්තයක් හෝ උත්සාහයක් තියෙනවාද කියන සැකය මතුවන ආකාරයෙන් අදහස් දැක්වූ නීතිඥ මනෝජ් ගමගේ මහතා මෙසේද පැවසුවා👇

🗣️”අසාධ්‍යයි කියන කතාව සම්පූර්ණ අසත්‍යයක්. එහෙම අසාධ්‍ය තත්වයක එතුමා නැහැ. සාමාන්‍යයෙන් එතුමාගේ වයසත් එක්ක යම් යම් වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමක් විතරයි අද කළේ. ඒ ගැන වෛද්‍යවරු බලලා ඉදිරි තීරණ ගනීවි.

🗣️ හැබැයි ඔය ‘අසාධ්‍යයි, එතුමා මානසිකව වැටිලා’ කියලා ගෙනියන ප්‍රචාර පිටිපස්සේ වෙනම කතාවක් තියෙනවා.
මොකද එතුමා කියන්නේ එහෙම ලේසියෙන් මානසිකව වට්ටන්න පුළුවන් කෙනෙක් නෙවෙයි! අපි හොඳටම දන්නවා වත්මන් ආණ්ඩුවේ ලොකුම අවශ්‍යතාවය තමයි මහින්දව කොහොමහරි වට්ටන එක.

🗣️ – හැබැයි ඒක මේ ආණ්ඩුවට තියා කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද එතුමා ‘මහින්ද රාජපක්ෂ’!” අද උදේත් කතා කළා – කිසිම අවුලක් නෑ!

🔰- මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පැතිරෙන කටකතා සහ ව්‍යාජ ප්‍රචාරයන් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, උදෑසනත් තමන් හිටපු ජනාධිපතිවරයා සමඟ පෞද්ගලිකවම කතාබහ කළ බවයි.

🗣️”ඔය විවිධ අයට ඕන ඕන විදිහට පතුරවන බොරු ආරංචි ගැන මට කියන්න තියෙන්නේ එක දෙයයි. අද උදේත් මම එතුමා එක්ක කතා කළා. එතුමා බොහොම සුවෙන්, සාමාන්‍ය තත්ත්වයෙන් ඉන්නවා. ඒ නිසා ඔය සමාජයේ පැතිරෙන නරක, අසත්‍ය කතාවල කිසිම සත්‍යතාවයක් නෑ කියන එක විතරක් මම ඉතාම වගකීමෙන් කියනවා.”

🔰- දේශපාලනමය වශයෙන් හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට හානි කිරීමට සහ ජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති කිරීමට යම් පිරිසක් මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරවන බවටයි මේ වන විට දේශපාලන විචාරකයින් පවා මත පළ කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *