🔰 – අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර පැවැති සාකච්ඡාව සාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික හමුවකට වඩා සෑහෙන්න දේශපාලනිකව උණුසුම් මුහුණුවරක් අරන් තියෙනවා.
🔰 – මෙන්න මේ සාකච්ඡාවේදී කියවුණු ප්‍රධාන සහ ආන්දෝලනාත්මක කරුණු කිහිපය👇
🔷- “පුටුව නැති වුණත් කමක් නෑ, මං ලෑස්තියි!”👇
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරද්දී ජනාධිපතිවරයා කෙළින්ම කිව්වේ රට වෙනුවෙන් තීන්දු ගනිද්දී තමන්ගේ ධුරය අහිමි වුණත් කිසිම ප්‍රශ්නයක් නැති බවයි..
පූර්වගාමී ජනාධිපතිවරුන්ට ව්‍යවස්ථාපිත ප්‍රශ්න නිසා ගෙදර යන්න වුණා වගේ තමන්ටත් යන්න වුණොත්, ඒක උපේක්ෂාවෙන් බාරගෙන යන්න සූදානම් බව කියමින් ඔහු පෙන්නුම් කළේ තමන් බලයේ එල්ලී සිටින්න ආපු කෙනෙක් නෙවෙයි කියන එකයි.
🔷- “මගේ ආරක්ෂකයන් ගැනත් අවදානමක් තියෙනවා, ඒත් පාස්කු පරීක්ෂණ නවත්වන්නේ නෑ”👇
තමන් ගන්න අවදානම ගැන කියන්න ජනාධිපතිවරයා ගෙනාවේ සෑහෙන්න බරපතල කතාවක්. පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ කරන්නේ තමන්ගේම ආරක්ෂාව බාරව ඉන්න බුද්ධි අංශ සම්බන්ධ කරගෙන නිසා, එතැන තමන්ගේ ජීවිතයට පවා යම් අවදානමක් තියෙන්න පුළුවන් බව ඔහු කිව්වා. ඒත් ඒ කිසිම අවදානමකට බයේ පරීක්ෂණ පස්සට ගන්නේ නැති බවයි ඔහු අවධාරණය කළේ.
🔷 – නීතිඥ සංගමයේ වැඩේට ජනපතිගෙන් නොසතුට👇
සාකච්ඡාවට එන්න පැය කිහිපයකට කලින් නීතිඥ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම ගැන ජනාධිපතිවරයා කෙළින්ම නොසතුට පළ කළා. “කතා කරන්න වේලාවක් දාගෙන ඉද්දී කලින්ම නිවේදන දාන එක විවෘත සාකච්ඡාවකට බාධාවක් නේද?” කියලා ඔහු ප්‍රශ්න කළත්, තමන් ආවේ විවෘත මනසකින් බව මතක් කර දුන්නා.
🔷 – විනිසුරු පුරප්පාඩු සහ පාස්කු නඩුව👇
මසක් ඇතුළත විනිසුරු පුරප්පාඩු පුරවන බව පැවසූ ජනාධිපතිවරයා, චෝදනා 23,000ක් සහ සාක්ෂිකරුවන් 3,000ක් ඇති දැවැන්ත පාස්කු නඩුව අසන ජ්‍යෙෂ්ඨතම මහාධිකරණ විනිසුරුවරුන්ට ඊළඟ පියවර ලෙස අභියාචනාධිකරණ පත්වීම් හිමිවීමට ඇති ඉඩකඩ ගැනද පැහැදිලි කළා.
🔰 – තමන්ගේ ජනාධිපතිධුරය පවා පරදුවට තබමින් ගන්නා මේ තීන්දු තීරණ, රට වෙනුවෙන් ගන්නා සැබෑ අවදානමක්ද නැත්නම් වෙනත් දේශපාලන උපායමාර්ගයක්ද යන්න ඉදිරියේදී බලාගත හැකි වනු ඇත.