කුඩු මර්දනයක්ද? නැත්නම් විරුද්ධවාදීන්ගේ කටවල් වහන උගුලක්ද?

🔰- මාර වැඩේ කියන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේදී කුඩුකාරයන්ටයි, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ටයි ඇප නීති තද කරලා මරණ දඬුවම දෙන්න ලෑස්ති වෙනවා කිව්ව ගමන් මුළු රටම දෙකට බෙදිලා!

🔰- එක පැත්තකින් අපේ අහිංසක අම්මලා තාත්තලා කියනවා “අනේ කොච්චර දෙයක්ද, ඕක වෙනකම් තමයි අපි බලන් හිටියේ, අපේ දරුවෝ බේරෙයි” කියලා.

🔰- හැබැයි අනිත් පැත්තෙන් මානව හිමිකම් කාරයෝයි, දේශපාලන විචාරකයෝයි අහන්නේ “ඕක ඇත්තටම කුඩු මර්දනයක්ද, නැත්නම් නීතිය අතට අරගෙන විරුද්ධවාදීන්ගේ කටවල් වහන්න හදන උගුලක්ද?” කියලා.

🔰- ජනාධිපති අනුර කියන විදිහට නම්, මේ මත්ද්‍රව්‍ය වසංගතය අපේ ආර්ථිකය, සංචාරක ව්‍යාපාරය විතරක් නෙවෙයි, සමාජයේ මුළු සදාචාර පද්ධතියම විනාශ කරලා ඉවරයි.

🔰- ඒක ඇත්ත. පාසල් ළමයි, විශ්වවිද්‍යාල ළමයි විතරක් නෙවෙයි ජාත්‍යන්තර පාසල්වල ළමයි පවා මේකට අහුවෙන එක බියකරු යථාර්ථයක්.

🔰- රස පරීක්ෂක වාර්තා ඉක්මන් කරලා, ජූලි මාසයේ විතරක් වාර්තා 6,414 ක් නිකුත් කරපු එක, ‘මිතුරු පාසල’ වගේ වැඩසටහන් දාපු එක හොඳයි.

🔰- හැබැයි මෙතැන තියෙන බරපතළම දේශපාලන ප්‍රශ්නය තමා මරණ දඬුවම සහ ඇප තහනම් කිරීම.

🔰- ලෝකය දිහා පොඩ්ඩක් ඇස් ඇරලා බැලුවොත් අපිට පේනවා මේ වගේ “කුඩු මර්දන නාට්‍ය” අන්තිමට නතර වුණේ කොතැනින්ද කියලා👇

🔷- පිලිපීනයේ රොඩ්රිගෝ දුතෙර්තේගේ “War on Drugs”👇
දුතෙර්තේ බලයට ආවෙත් කුඩුකාරයෝ ඔක්කොම මරලා දානවා කියලා. අන්තිමට වුණේ මොකක්ද? පොලිසියයි, ආණ්ඩුවේ මැරයෝයි එකතු වෙලා අහිංසක දුප්පත් කොල්ලෝ දහස් ගණන් පාරවල් අස්සේ වෙඩි තියලා මැරුවා. හැබැයි ඇත්තම කුඩු ජාලය මෙහෙයවපු මහා පරිමාණ ජාවාරම්කාරයෝයි, දේශපාලඥයෝයි ෂේප් එකේ බේරුණා.

🔷- සිංගප්පූරුව සහ ඉරානය👇
සිංගප්පූරුව කුඩු ග්‍රෑම් කිහිපයකටත් මරණ දඬුවම දෙනවා. හැබැයි එහෙ තියෙන්නේ දූෂණයෙන් තොර ස්වාධීන අධිකරණ පද්ධතියක්. ඉරානයෙත් මත්ද්‍රව්‍යවලට එල්ලුම් ගහ දෙනවා, හැබැයි එහෙ කුඩු අඩුවෙලා තියෙනවද? නැහැ!

🔷- තායිලන්තයේ අත්දැකීම👇
තායිලන්තයත් 2003දී තදින්ම මත්ද්‍රව්‍ය මර්දනය කරන්න ගිහින් අහිංසකයෝ දහස් ගණන් අත්අඩංගුවට ගත්තා. අන්තිමේදී හිරගෙවල් පිරිලා ඉතිරි වුණා විතරයි, ප්‍රශ්නය විසඳුණේ නැහැ.

🔷- ලංකාවේ වත්මන් තත්ත්වය සහ මතුවෙන බරපතල ප්‍රශ්න👇
ලංකාවේ දැනටමත් කුඩු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තු 228,000 කට වඩා පිරිසක් ඉන්නවා. හිරගෙවල් ඇතුළේ ඉඩ නැහැ. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ අපේ නීතිය ක්‍රියාත්මක වෙන විදිහේ.

🔰- අපේ රටේ පොලිසිය සහ නීති පද්ධතිය ඇතුළේ තවමත් අල්ලස, දූෂණය, සහ දේශපාලන බලපෑම් ඕනෑ තරම්.

🔰- කුඩු ග්‍රෑම් දෙකක් ළඟ තිබ්බා කියලා අහිංසක එකෙක්ව අහුකරලා, ඇප දෙන්නෙත් නැතුව එල්ලුම් ගහට යවන්න පුළුවන් බලයක් බලධාරීන්ට දුන්නොත්, ඒකෙන් පළිගන්නේ කාගෙන්ද? පාරේ ඉන්න කුඩු පොඩ්ඩන්ගෙන්ද? නැත්නම් ආණ්ඩුවට විරුද්ධව කතා කරන දේශපාලන ක්‍රියාකාරීන්ගෙන්ද?

🔰- මහා පරිමාණ කුඩු ජාවාරම්කාරයෝ මීට කලිනුත් දේශපාලඥයන්ගේ හෙවනේ සැපට හිටියා, ඉස්සරහටත් උන් නීතියේ හිස්තැන්වලින් රිංගලා බේරෙයි.

🔰- ජනාධිපතිවරයා කියනවා ආගමික නායකයෝ, දෙමාපියෝ, බන්ධනාගාර, නාවික හමුදාව ඔක්කොම එකතු කරලා මේක කරනවා කියලා.

🔰- මහා සංඝරත්නය, පූජකතුමන්ලා එකතු කරගෙන මාධ්‍ය සංදර්ශන දැම්මට, නීතියේ සාධාරණත්වය නැත්නම් වෙන්නේ මහජනතාවගේ මානව හිමිකම් පෑගිලා යන එක විතරයි.

🔰- අපිට ඕනේ කුඩු නැති රටක් කියන එකේ දෙකක් නැහැ.

🔰- හැබැයි ඒක කරන්න ඕනේ කුඩු නැති කරන මුවාවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් නැති කරලා, මරණ බය පතුරුවලාද?

🔰- නැත්නම් කුඩු එන ප්‍රධාන මාර්ග (වරාය සහ ගුවන්තොටුපළ) වහලා, ඊට පිටුපසින් ඉන්න මහා මොළකරුවන්ට (දේශපාලඥයන්ට සහ නිලධාරීන්ට) නීතිය ක්‍රියාත්මක කරලාද?

🔰- උත්තරය තියෙන්නේ ආණ්ඩුව ඉදිරියේදී ගන්න ක්‍රියාමාර්ග ඇතුළෙයි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *