🔴 – අකිලගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි 18 දක්වා රිමාන්ඩ්.. යූ.එන්.පී. උපසභාපති බන්ධනාගාරයට 👇
🔰- අකිල ජනතා බදු මුදල් ලක්ෂ 27ක් තමන්ගේ පෞද්ගලික ෂෙඩ් එකට යට කළාද?
🔰- සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට මහේස්ත්‍රාත් හමුවේ හෙළිදරව් වෙයි!
🔰- යහපාලන ආණ්ඩු සමයේ මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේද බල පරාක්‍රමය පතුරාගෙන සිටි එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට අවසානයේ සිදුවූයේ බන්ධනාගාර කූඩුවෙන් කෙළවර වීමටයි.
🔰- ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කර සිටි රජයේ සේවකයන් තමන්ගේ පෞද්ගලික ව්‍යාපාරික කටයුතු සඳහා යොදාගනිමින් රුපියල් 2,768,836.14ක (ලක්ෂ 27කට අධික) රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට එල්ල වූ බරපතල දූෂණ චෝදනා මත, ඔහු ලබන අගෝස්තු 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා 05 වනදා නියෝග කළේය.
🔰- මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ යූ.එන්.පී. අභ්‍යන්තර දේශපාලනය මෙන්ම වත්මන් දේශපාලන කරළිය ද දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.
🔰- 2022 වසරේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විමධ්‍යගත පරිපාලන පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා කටයුතු කළ සමයේදී රාජ්‍ය බලය අවභාවිත කළ ආකාරය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ අනාවරණය වී ඇත.
🔰- ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජකාරි සඳහා යැයි පවසමින් බඳවාගත් සේවකයන් තිදෙනෙකු එම කාර්යාලයට වාර්තා නොකර, කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි අකිල විරාජ්ට අයත් පෞද්ගලික ඉන්ධන පිරවුම්හලේ (Pumping Station) සේවයේ යොදවා තිබේ.
🔰- අනෙක් සේවකයා වෙන් කර තිබූ කාර්යාලයේ කිසිදු රාජකාරියක නොයොදවා, ජනතාවගේ බදු මුදලින් පූර්ණ වැටුප් හා දීමනා ගෙවා ඇත.
🔰- එමෙන්ම ප්‍රධාන සාක්ෂිකරුවෙකු මුලින් ලබාදුන් ප්‍රකාශය වෙනස් කරමින් පසුව දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම පිටුපස සැකකරුගේ බලපෑමක් ඇති බවත්, අධිකරණයට ඉදිරිපත් කළ ඇතැම් පැමිණීමේ ලේඛන ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බවත් අල්ලස් කොමිසම හෙළි කළේය.
🔰- අල්ලස් කොමිසම 5 වනදා පෙරවරුවේ ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් අකිල විරාජ් මහතා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී දෙපාර්ශ්වයේ නීතිඥවරුන් අතර දැඩි උණුසුම් වාද විවාද ඇති විය.
🔰 – විත්තියේ නීතිඥ ගාමිණී අල්විස්👇
🗣️ “අදාළ සේවකයන් කටයුතු කළේ කුලියාපිටිය ඉන්ධන හල පිහිටි ගොඩනැගිල්ලේ ඉහළ මහලේ පවත්වාගෙන ගිය සම්බන්ධීකරණ කාර්යාලයේ මිස ෂෙඩ් එකේ නෙවෙයි. පැමිණීමේ ලේඛනත් තියෙන නිසා ඕනෑම කොන්දේසියකට ඇප දෙන්න.”
🔰 – අල්ලස් කොමිසමේ නිලධාරීන්👇
🗣️”සැකකරු බලපෑම් කර සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ වෙනස් කරලා! ඉදිරිපත් කරපු ලේඛනත් හොරපාරෙන් හදපුවා. ඇප දුන්නොත් මුළු විමර්ශනයටම බාධා වෙනවා.”
🔰 – දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා පෙන්වා දුන්නේ, සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සහ ලේඛන විකෘති කිරීම වැනි බරපතල කරුණු මත ඇප පනත අනුව සැකකරුට ඇප ලබාදිය නොහැකි බවයි.
🔰 – නඩු විභාගය අතරතුරදී විත්ති කූඩුවේ සිටි අකිල විරාජ් කාරියවසම් මහතා සිය නීතිඥවරුන් සමඟ අධිකරණ නීතිරීති නොතකමින් සංවාදයක නිරත වීම කෙරෙහි මහේස්ත්රාත්වරයාගේ දැඩි අප්‍රසාදය පළ විය.
🔰 – අධිකරණයේ ගෞරවයට සහ කටයුතුවලට බාධා වන මෙවැනි “චණ්ඩිකම්වලට” තම අධිකරණය තුළ කිසිසේත් ඉඩ නොතබන බවට අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා, සිය තදබල විරෝධය පළ කරමින් හිටපු අමාත්‍යවරයාට අධිකරණය හමුවේ දැඩි ලෙස අවවාද කළේය.
🔰 – පසුගිය කාලය පුරාම රාජ්‍ය සම්පත් අවභාවිතය සහ දූෂණ චෝදනා එල්ල වූ දේශපාලනඥයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බවට කෙරුණු ප්‍රකාශ සැබෑවක් බවට පත් කරමින්, ප්‍රබල යූ.එන්.පී. නායකයෙකු මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගත වීම ඉදිරි දේශපාලන ගමන්මඟට එල්ල වූ තදබල ප්රහාරයකි. විත්තිය ඉදිරිපත් කළ ලේඛනවල ව්‍යාජභාවය පිළිබඳ අල්ලස් කොමිසම මීළඟ නඩුවාරයේදී ඉදිරිපත් කරන වාර්තාව අනුව අකිලගේ දේශපාලන අනාගතය තීරණය වනු ඇත.