“Trendy Fast Fashion නාමයෙන් ඔයාගේ හමට උරාගන්නා ‘සයිලන්ට් පොයිසන්’: Shein ඇඳුම් පිටුපස ඇති මාරාන්තික රහස!”

🔰- ඔබත් Shein ආයතනයෙන් අඩුවට ඇඳුම්, විශේෂයෙන්ම කාන්තා සහ කුඩා දරුවන්ගේ ඇඳුම් ඇණවුම් කරන කෙනෙක්ද? එසේ නම් මෙම පුවත ඔබව සැබවින්ම තිගැස්මට ලක් කරනු නොඅනුමානයි.

🔰- ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ නීතිපතිවරයා (Texas Attorney General) විසින් Shein සමාගමට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙන්නේ, ඔවුන්ගේ ඇඳුම්වල නීතිමය සීමාවට වඩා 3,300 ගුණයක් දක්වා අධික විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු බවට චෝදනා කරමිනි.

🔰- පැමිණිල්ලේ දක්වා ඇත්තේ මෙම ඇඳුම් අලුත උපන් දරුවන්ට, ගර්භණී මව්වරුන්ට සහ කුඩා දරුවන්ට “නිහඬ වස විස වාහකයන්” (Silent carriers of poison) වන බවයි.

🔰- ස්වාධීන විද්‍යාගාර පරීක්ෂණ මගින් කුඩා දරුවන්ගේ ඇඳුම් සහ පාවහන් තුළින් පහත සඳහන් මාරාන්තික රසායනික ද්‍රව්‍ය සොයාගෙන ඇත👇

🔴- PFAS (“Forever Chemicals”) ➡️ කබා (Jackets) තුළ නීතිමය සීමාව මෙන් 3,300 ගුණයක් දක්වා අඩංගු වේ.
මේවා කිසිදිනක ශරීරයෙන් ඉවත් නොවන අතර පිළිකා සහ හෝමෝන
අසමතුලිතතාවලට (Endocrine disruptors) හේතු වේ.

🔴- Phthalates (ෆ්තැලේට්ස්)➡️ නිෂ්පාදන රැසක නීතිමය සීමාව මෙන් 100 ගුණයක් දක්වා සොයාගෙන ඇත.
හෝමෝන ක්‍රියාකාරීත්වයට හානි කරන අතර පිළිකා අවදානම ඉහළ නංවයි.

🔴- ඊයම් සහ කැඩ්මියම් (Lead & Cadmium)➡️ළමා සෙරෙප්පු සහ පාවහන්වල තිබී හමු වී ඇත.
කැඩ්මියම් යනු පිළිකා කාරකයක් ලෙස නිල වශයෙන්
නම් කරන ලද රසායනයකි.

🔴- ෆෝමල්ඩිහයිඩ් (Formaldehyde)➡️ කුඩා දරුවන්ගේ ඇඳුම්වල තිබී සොයාගෙන ඇති අතර,
මෙයද පිළිකා කාරක විෂ ද්‍රව්‍යයකි.

🔰- මීට පෙර සිදුකළ පරීක්ෂණවලදී මෙවැනි විෂ රසායනික හසු වූ විට Shein සමාගම කළේ එම නිෂ්පාදනය වෙළඳපොළෙන් ඉවත් කර, වෙනත් SKU සංකේතයක් (New SKU listing) යටතේ එම විෂ සහිත ඇඳුමම නැවත අලෙවියට දැමීමයි.

🔰- ඔවුන් ප්‍රශ්නය විසඳනවා වෙනුවට කළේ පාරිභෝගිකයන් මුළා කිරීමයි.

🔰- ඔබේ සහ ඔබේ දරුවන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කරගැනීම ඔබේ වගකීමකි.

🔰- ඇඳුම් මිලදී ගැනීමට පෙර ඒවායේ අඩංගු දේ පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *